lan englan tam

පුවත්

සොඳුරු ගිටාර් වාදකයෙකුගේ සිනමා සම්ප්‍රාප්තිය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඔහු ගායකයෙකු සේම වාදකයෙකු ලෙස පමණක් හඳුනා ගැනීමට වඩා ක්ලැරැන්ස් යනු සෞන්දර්ය වාදී යුග පරිවර්ථකයෙකු ලෙස කියවා ගැනීම කාලෝචිතය.

ඔහු ශ්‍රී ලාංකේය සංගීත රසායනයේ මග සලකුණක් ලෙස 70/ 80 දශකය පුරා පමණක් ගිටාරය අතැතිව සක්මන් නොකරයි.

ක්ලැරන්ස්ගේ ගීත ඇසුර තුළ මේ මොහොතේ ද ඔහු සජීවීය.

ක්ලැරන්ස් කියවා ගැනිම විවිද හැඩ තල තුළ කළ හැකිය. ඔහුගේ කලා භාවිතය තුළින් සේම ඔහුගේ සමකාලීන සමාජ භාවිතාවන් ඇසුරින් ද ඔහුව ගවේශණය කරගත හැක.

ශ්‍රි ලාංකේය සකල කලාවේ ස්වර්ණමය යුගයක නියෝජනයක් වන්නට භාග්‍යයක් ලද ක්රැන්ස් වැන්නෙකුගේ ජීවිත කතාව සිනමාත්මක ඇසකින් කියවා ගැනිමට ගත් උත්සාහයක් ලෙස "ක්ලැරන්ස් - rhythm of the guitar" චිත්‍රපටය වැදගත්ය.

 

ප්‍රේමය , මිත්‍රත්වය , සෞන්දර්ය , සහ රසිකත්වය යන හැඩතල තුළ ක්රැන්ස්ගේ ජීවන සක්මන සිදුවනයුරු ගැන අපූර්ව ප්‍රකාශනයක් මෙම චිත්‍රපටය තුළ දැකිය හැකිය.

 

ක්ලැරැන්ස්ගේ සංගීතමය ජීවිත අභ්‍යාසය සිනමාට රැගෙන ඒම සදහා KCC ( Kandy city center ) නිර්මාතෘ තුසිත විජයසේන මහතාගේ නිෂ්පාදන දායකත්වය අගය කළ යුතු අතර , මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂනය

තේජා ඉද්දමල්ගොඩ විසිනි..

මෙම චිත්‍රපටය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ දායකත්වය වනුයේ සිනමා ප්‍රෙක්ෂකත්වය වෙත චිත්‍රපටය සුපරික්ෂාකාරීව රැගෙන යාමයි.

එය වඩාත් සාර්ථකව සහ විධිමත්ව සිදුකිරිම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ රිත්මා මණ්ඩලය කෙරෙහි චිත්‍රපටයේ මෙහෙයුම් කණ්ඩායම තැබූ විශ්වාසය ඉතා වැදගත්ය.

ශ්‍රි ලාංකේය සිනමා ප්‍රේක්ෂකත්වය සදහා වඩාත් උසස් රසවින්ඳනයකින් යුතු චිත්‍රපට බෙදාහැරිම සඳහා කටයුතු කිරිම ජාතික චිත්‍රපට සංස්ථාවේ වගකීමකි.

එය මනාව හදුනා ගනිමින් මෙවැනි දැවැත්ත ප්‍රේක්ෂක ආකර්ශනයකින් යුතු චිත්‍රපට අනුපෙල ගැනිවීම කාලීන අවශ්‍යතාවයකි.

සිනමා කර්මාන්තය කෙරෙහි පුළුල් තාක්ෂණික අවකාශයක් ලෝක මට්ටමින් නිර්මාණය වෙමින් තිබෙන අවධියක සිනමා ප්‍රේක්ෂකත්වය ඊට සමගාමීව ඔසවා තැබීම අතිශය වැදගත්ය. රටක සිනමාවක් පණ ලබනුයේ ප්‍රේක්ෂක රසඥතාවේ දිග පලළ මත බව හදුනාගත යුතුය.

"ක්ලැරන්ස් - rhythm of the guitar" චිත්‍රපටය Dolby Atmos ශබ්ද තාක්ෂණයෙන් යුතුවන අතර සංගීතමය චිත්‍රපටයක අත්දැකිම වඩාත් නවමු රසයකින් අත්විඳිමට එය වැදගත් වනු ඇත.

 

2025.06.27 දින මෙම චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලාවලට බෙදාහැරිමට සියළු කටයුතු සැලසුම් කර ඇති අතර - ක්ලැරැන්ගේ ජීවන රිද්මය හා ඔහුගේ ගීත අතර ඇති සබැඳියාව තිර මාධ්‍යයක අපූර්ව ලෙස විඳගැනිමට සපැමිණෙන ලෙස සිනමා ප්‍රේක්ෂකත්වයට ඉතා ගෞරවනියව ඇරයුම් කර සිටිමු.

සටහන - ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව.

(ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල Facebook පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom