lan englan tam

පුවත්

ඔස්කාර් සම්මාන දිනූ ‘Dune: Part Two' චිත්‍රපටය අද ITN නාලිකාවෙන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ස්වාධින රූපවාහිනී සේවයේ (ITN) 'Saturday night movie' විශේෂාංගය යටතේ විකාශය වන්නේ 2024 වර්ෂයේ නිකුත් වූ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ (science fiction) චිත්‍රපටයක් වන Dune: Part Two සිනමාපටයයි.

චිත්‍රපටය අද (28) රාත්‍රී 10.30 ට විකාශය වීමට නියමිතයි.

සුප්‍රකට හොලිවුඩ් සිනමාකරු Denis Villeneuve ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය Frank Herbert විසින් රචිත ජනප්‍රිය ‘Dune’ නවකතාව මත පදනම්ව නිර්මාණය වී ඇත.

මෙම චිත්‍රපටයේ කතාව Paul Atreides නම් තරුණයා කේන්ද්‍රකරගෙන ගමන් කරන අතර ඔහු Arrakis නම් වෙනත් ග්‍රහලෝකයක ජීවත් වන Fremen නම් ජනකොටස සමඟ එකතු වෙමින්, තම පවුලේ විනාශයට වගකිවූ විරෝධී පාර්ශ්වයන්ට ප්‍රතිඝාතයක් ලබා දීමට කටයුතු කරයි. මෙය බලයේ, විශ්වාසයේ, හා අනාගතය හැඩ ගැස්වීමේ සටනක් ලෙසින්ද හැඳින්විය හැකිය.

මෙය ‘Dune’ චිත්‍රපට මාලවේ දෙවෙනි චිත්‍රපටය වන අතර මෙහි පළමු චිත්‍රපටය වන Dune: Part one 2021  වර්ෂයේ නිකුත් විය.

Timothée Chalamet, Zendaya, Rebecca Ferguson, Josh Brolin, Austin Butler, හා Florence Pugh වැනි ජනප්‍රිය හොලිවුඩ් නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.

Dune: Part Two යනු සම්මානනීය හොලිවුඩ් චිත්‍රපටයක් වන අතර මෙවර (2025)  ඔස්කාර් සම්මාන උලෙලේදී මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය ද ඇතුළුව සම්මාන පහකට නිර්දේශ වූ අතර එයින් best sound සහ best visual effects යන සම්මන දිවිත්වය දිනා ගැනීමට සමත් විය.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න>>>

kemadasa

shungara

Back to top
Go to bottom