හොලිවුඩයේ ජනප්‍රිය නළුවෙකු ලෙස ලොව පුරා රසික හදවත් දිනා ගත් රංගන ශිල්පී මයිකල් මැඩ්සන් (Michael Madsen) මිය ගොස් තිබෙනවා.
මිය යන විට ඔහු 66 වන වියේ පසුවූවා.
ඊයේ (03) කැලිෆෝනියාවේ මැලිබු හි පිහිටි ඔහුගේ නිවසේදී මැඩ්සන්ගේ නිසල සිරුර හමු වූ වී තිබෙන අතර හදිසියේම ඇති වූ හෘදයාබාධයක් නිසා මරණය සිදු වන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහුගේ වෘත්තීය ජීවිතය1980 දශකයේ මුල් භාගය දක්වා දිවයන අතර රංගන දිවියේ ඔහු සම්මාන 300 කට වඩා වැඩි ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා.
විශේෂයෙන්ම සිනමා අධ්‍යක්ෂක ක්වින්ටින් ටැරන්ටීනෝගේ 'Reservoir Dogs', 'Kill Bill: Vol. 2', 'The Hateful Eight' සහ' Once Upon a Time in Hollywood' වැනි චිත්‍රපට හරහා ඔහු ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වූවා.
වීඩියෝව පහතින් නරඹන්න>>




