ඉන්දීය රුපියල් කෝටි 200 ක් සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලමින් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් විසින් ගොනු කර තිබූ පෙත්සමක් දිල්ලි මහාධිකරණයෙන් ඊයේ (03) ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.
ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයකු වන සුකේෂ් චන්ද්‍රසේකර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය කිරීමට ජැකලින් සහාය දැක් වූ බව පවසමිනුයි ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ.
අදාළ විත්‍රපට ව්‍යාපාරිකයා විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් කීර්තිමත් චරිත වෙනුවෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් විවිධ අයුරින් වියදම් කර ඇති බව සඳහන්.
ඇයගේ නීතිඥවරයා අධිකරණයේ දී කියා සිටියේ, සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවක කොටසක් යැයි කියනු ලබන ඇයට ඔහුගෙන් ලැබුණු තෑගි අපරාධයෙන් ලැබෙන ආදායමෙන් ගෙනදුන් බව ඇය නොදැන සිටි බවයි.
කෙසේ වෙතත් ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය මේ වනවිට ජැක්ලින්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.2ක් වටිනා වත්කම් සහ ස්ථාවර තැන්පතු අත්පත් කරගෙන ඇති බව සඳහන්.
ශ්‍රී ලාංකික නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස් ප්‍රධාන වශයෙන් බොලිවුඩ් සිනමාවේ කටයුතු කරනවා.
ජැකලින් ෆර්නැන්ඩස් 2006 දී මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගත් අතර, එම වසරේ පැවැති මිස් යුනිවර්ස් තරගයට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබෙනවා.




