ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ඉන්දීය ඉතිහාසය අලුත් කරමින් සුප්‍රසිද්ධ ‘Hollywood Walk of Fame’ හි නම ඇතුළත් වන ප්‍රථම ඉන්දීය ජාතික රංගන ශිල්පිනිය බවට පත් වීමේ අවථාව හිමි කර ගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙය නිල වශයෙන් 2026 වසරේදී ප්‍රධානයට පත් කරන අතර මෙම ගෞරවය ඇගේ වෘත්තීය ජීවිතයේ පමණක් නොව ගෝලීය වශයෙන් ඉන්දියානු සිනමාවට ද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් වන බවයි.
හොලිවුඩ් වාණිජ මණ්ඩලය (Hollywood Chamber of Commerce) විසින් පසුගියදා පැවති 2026 වසරේ Walk of Fame සම්මාන ලැයිස්තුව ප්‍රසිද්ධ කරන අවස්ථාවේදී, දීපිකා පදුකෝන්ගේ නම “Motion Pictures” (චිත්‍රපට) කාණ්ඩය යටතේ walk of fame නම් ලැයිස්තුවට එක් කර තිබෙන බව ප්‍රකාශයට පත් කළා.
ඇයත් සමග Emily Blunt, Rachel McAdams, Demi Moore, Rami Malek, Timothée Chalamet සහ Stanley Tucci යන සුප්‍රකට නළු නිලියන්ගේ නම්ද මේ ලැයිස්තුවට ඇතුලත් වී තිබෙනවා.
2007 වසරේ 'ඕම් ශාන්තී ඕම්' චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය ' යේ ජවානී හේ දිවානී, චෙන්නයි එක්ස්ප්‍රස්, රාම්-ලීලා, පද්මාවත්, පතාන් ' වැනි දැවැන්ත සිනාමාපට හරහා රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අතර ඇය 2017 වසරේදී xXx: Retu of Xander Cage චිත්‍රපටය හරහා හොලිවුඩ් සිනමාවට ද එක් උනා.




