lan englan tam

පුවත්

ශලනි, අකිල, දිනිති ප්‍රධාන රංගනයෙන් එක්වන "සරා සුසුම්" රූගත කිරීම් අවසන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දිනිති වල්ගමගේ, අකිල ධනුද්දර සමඟින් ශලනි තාරකා ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වන "සරා සුසුම්" අලුත්ම චිත්‍රපටයේ රූගතකිරීම් කිරීම් පසුගියදා අවසන් වූවා.

 ශාන් ජයරත්නගේ දෙවන සිනමා නිර්මාණය වන “සරා සුසුම්” භීතිය සහ කුතුහලය එක් කොට ගත් “horror” ප්‍රවර්ගයට අයත් සිනමා නිර්මාණයක් වෙනවා.

‘වීදුරු තිර’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරමින් ක්ෂේත්‍රයට පිවිසුණ ශාන් ජයරත්නගේ ප්‍රථම සිනමා නිර්මාණය වන්නේ ‘සෝණා” චිත්‍රපටයයි.

කන්ද උඩරට හුදෙකලා බංගලාවක් සහ එහි පදිංචියට පැමිණෙන තරුණ යුවලකට මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත - භයංකාර සිද්ධි දාමයක් සරා සුසුම් චිත්‍රපටයට පාදක වී තිබෙනවා.

අමිල කරුණානායක, ලක්ෂාන් වත්තුහේවා, මයුර කාංචන, චතුර රාජපක්ෂ, ධනංජි තාරුකා ඇතුලු පිරිසක් මෙහි සහාය චරිත සඳහා රංගනයෙන් එක්වනවා.

"සරා සුසුම්" තිර රචනය ලක්ෂාන් වත්තුහේවා විසිනි.

චිත්‍රපටයේ  නිෂ්පාදන දායකත්වය දරන්නේ ෂෙරන් ජයසිංහ විසිනි.

 

ඉතින්, ළඟදීම "සරා සුසුම්"  චිත්‍රපටය දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබේවි.

පහතින් දැක්වෙන්නේ පසුගියදා චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වීම වෙනුවෙන් පැවැති උත්සවයේ ඡායාරූප කිහිපයක්.

508368934 728449122881179 7838482718858212752 n

509824460 728449222881169 2216730708800488112 n

508414947 728449162881175 3611584600550824496 n

509170024 728449142881177 1780696147229425228 n

508427066 728449079547850 843138436933778642 n

508764727 728449226214502 6650272032032499339 n

508652329 728449216214503 397929407248075709 n

 

(මූලාශ්‍රය : cinema lk)

 

 

kemadasa

shungara

Back to top
Go to bottom