නව පරම්පරාවේ ජාත්‍යන්තර සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ කමිල මේදිස් විසින් මෙහෙයවනු ලබන ‘KM Film Academy’ හි සිනමා අධ්‍යන පාඨමාලාව හැදෑරූ සිවු වන සිසුන් කණ්ඩායම විසිර යාමේ උත්සවය සහ සම්මාන උළෙල පසුගියදා (08) ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී උත්සවාකාරයෙන් පැවත්වුනා.
සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු සහභාගී වූ අතර දමිතා අබේරත්න, නාලක විතානගේ, නිලන්ත හපන්වීර,ජෝ දිසානායක ,දිනෙත් ද සිල්වා,මනෝජ් දේවගේ,අකාශ් තාරුක,තිලිණ හෙට්ටිගමගේ, ශාන් මල්ලව,ආශා විතානගේ ඇතුළු තවත් කලා කරුවන් බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
මෙහිදී සිදුවූ තවත් විශේෂ කටයුත්තක් වූයේ ලාංකීය සිනමා ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණ කලා කරුවන් පිරිසක් වෙත කලා ක්ෂේත්‍රයේ ඔවුන්ගේ මෙහෙවර අගය කරමින් ගෞරව සම්මාන ප්‍රදානයක් සංවිධානය කර තිබීමයි.
මෙහිදී එස්.ඒ අලගේෂන්, අනූෂා ගීතාංජලී, ජයසේකර අපෝන්සු, සුසිලා කෝට්ටගේ, ඩී.බී. ගංගොඩතැන්න යන ප්‍රවීණ කලාකරුවන් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා.
මෙම සම්මාන ප්‍රධානය සදහා ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු එක් වූවා.


එමෙන්ම ‘KM Film Academy’හි සිනමා පාඨමාලාව හැදෑරූ සිසුන් විසින් තම අවසන් ඇගයීම් කටයුත්ත ලෙස නිර්මාණය කළ කෙටි චිත්‍රපට අගයමින් සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.
මෙහිදී සිසුන් විසින් නිර්මාණය කළ අදාළ කෙටි චිත්‍රපට විනිශ්චය කිරීමේ ජූරි මණ්ඩලය ලෙස කටයුතු කළේ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක හා විශ්ව විද්‍යාල කථිකාචාර්ය ආචාර්‍ය අභිනීත් ගෝරේගං, චිත්‍රපට අධ්‍යක්ෂක ශර්ලී සමරසිංහ, රංගන ශිල්පිනී ගංගා ජීවනී වැලිවත්ත යන පිරිසයි.
(චිත්‍රපට අධ්‍යක්ෂක ශර්ලී සමරසිංහ, රංගන ශිල්පිනී ගංගා ජීවනී වැලිවත්ත ජූරි මණ්ඩලය නියෝජනය කරමින් අදහස් දක්වමින්)
ඒ අනුව ජූරියේ විනිශ්චයන්ට අනුව හොඳම කෙටි චිත්‍රපටය, හොඳම කැමරාකරණය, හොඳම නිෂ්පාදනය යන සම්මාන හිමි කර ගැනීමට ශනුක යෂාන් අධ්‍යක්ෂණය කළ ‘මුක්ති’ කෙටි චිත්‍රපටය සමත් විය.
සම්මාන උළෙලේදී හොඳම සහ ජනප්‍රියම කෙටි චිත්‍රපටය ඇතුළුව තවත් සම්මාන ත්‍රිත්වයකින් හිමිකරගත් ශනුක යෂාන් ගේ ‘මුක්ති’ චිත්‍රපටය සමත්විය.
හොඳම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ලෙස ‘මුක්ති’ කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ශනුක යෂාන් සහ “Break 404” කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රවී රශේන් යන දෙදෙනාම සම්මානයට පාත්‍ර විය.
හොඳම කෙටි චිත්‍රපට සංස්කරණය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබුවේ “The Beauty in your eyes” චිත්‍රපටයේ සංස්කරණය වෙනුවෙන් ගයාන් හර්ෂණයි.
එමෙන්ම සම්මාන උළෙලට පැමිණ සිටි ආරාධිතයන්ගේ මනාප අතරින් ජනප්‍රියම කෙටි චිත්‍රපටය තෝරා ගනු ලැබූ අතර මෙහිදී ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මාන හිමි කර ගත්තේ ද ශනුක යෂාන් අධ්‍යක්ෂණය කළ ‘මුක්ති’ කෙටි චිත්‍රපටයයි.
ඒ අනුව හොඳම සහ ජනප්‍රියම කෙටි චිත්‍රපටය ඇතුළුව තවත් සම්මාන ත්‍රිත්වයකින් හිමිකරගත් ශනුක යෂාන් ගේ ‘මුක්ති’ චිත්‍රපටය කෙටි චිත්‍රපට උළෙලේ සම්මානනිය චිත්‍රපටය බවට පත් විය.
මීට අමතරව ජූරියේ විශේෂ සම්මාන ලෙස ලෝශන් සහ විශාල් ද ජයග්‍රහණය කරා.එමෙන්ම රංගනය වෙනුවෙන් ද සම්මාන කීපයක් පිරිනමනු ලැබීය.
කෙටි චිත්‍රපට උළෙලේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ සම්මානනීය රංගන ශිල්පීනී නීටා ප්‍රනාන්දු ඇතුලු තවත් කලා කරුවන් රැසක් මෙහිදී අදහස් පළ කරන ලද අතර ලංකීය සිනමාවේ අනාගතය වෙනුවෙන් නව නිර්මාණ කරුවන් බිහිකරමින් “KM Film Academy” විසින් සිදු කරනු ලබන මෙම කාර්ය බෙහෙවින් අගය කරනු ලැබූ අතර ඔවුන් සියලු දෙනාටම සිය සුබ පැතුම් එක් කරන ලදී. එමෙන්ම මෙම තරුණ කලාකරුවන්ගේ ඉදිරි ගමනට වැදගත් වන අදහස් රැසක් ද ආරාධිත කලාකරුවන් විසින් සිය අදහස් දැක්වීම් වලදී ප්‍රකාශ කරන ලදී.
පහතින් දැක්වෙන්නේ සම්මාන උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක්.
https://mirrorarts.lk/news/11311-km-film-festival-and-gratitude-awards-2025#sigProIdf434b45e78
(සටහන - යූමාල් කසුන්)




