මහේෂ් මුණසිංහගේ අධ්‍යක්ෂණයක් වන “සූර්යා” සිංහල චිත්‍රපටය අද (12) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.
ජනිත් වික්‍රමගේ ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටයට සනත් ගුණතිලක, මයික් ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක, නිහාරි පෙරේරා, සුදීක්ෂා සමාධි, අජිත් වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සංගීත් ප්‍රභූ.. වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙනවා.
රොනල්ඩ් දසනායක විසින් තිර රචනය සිදු කරනු ලැබූ ‘සූර්යා’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ජනප්‍රිය උපකාරක පංති දේශක දිනේෂ් මුතුගල විසිනි.
පහතින් දැක්වෙන්නේ අද සිට (12) චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳ විස්තර සටහනයි.





