මෙවර World Intellectual Property Organization (WIPO) ජාත්‍යන්තර සම්මාන උළෙලේ දී එහි 'පරිසර' කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකික පර්යේෂිකාවක් වන ආචාර්ය නදීෂා චන්ද්‍රසේන සමත් වී තිබෙනවා.
ඒ ඇය ඇතුළු කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද ගංවතුර විරෝධී කුණාටු ජලාපවහන පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන්. එනම් මේ හරහා නාගරික ප්‍රදේශ වල වර්ෂාවත් සමඟ ඇතිවන ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම සඳහා දායක වන අතර වර්ෂා අවස්ථාවලදී ජලය භාදාවකින් තොරව බැස යාමට දායක වන සුහුරු කානු (smart drain) පද්ධතියක් සැලසුම් කොට තිබෙනවා.
World Intellectual Property Organization (WIPO) යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිපැයුම්කරුවන් අගය කිරීම සහ ඔවුන්ගේ නිර්මාණ හරහා ලෝක ප්‍රජාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක වන විශේෂ නියෝජිත ආයතනයක් වනවා.
මෙවර සම්මාන උළෙල සඳහා රටවල් 95ක් නියෝජනය කරමින් නව නිපැයුම්කරුවන් 780ක් අයදුම් කර තිබුණු අතර, ඒ අතරින් හොඳම නිර්මාණ දහයක් සඳහා සෞඛ්‍ය, පරිසර, කෘෂි-ආහාර, නිර්මාණාත්මක කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ යන කාණ්ඩ පහක් යටතේ සම්මාන ප්‍රධානය කරනු ලැබුවා.






