lan englan tam

පුවත්

පා.මන්ත්‍රී ජගත් මනුවර්ණට නව තනතුරක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘කලා හා සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ’ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ තේරී පත්ව තිබෙනවා.

ඒ (11) දා පාර්ලිමේන්තුවේදී පැවැති මෙම සංසදයේ සමාරම්භක රැස්වීමේදීයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව සදහන් වන්නේ, එම තනතුර සඳහා පා.ම ජගත් මනුවර්ණගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා විසින් ස්ථිර කරන ලදී.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම, තුෂාරි ජයසිංහ (නීතිඥ), සුසන්ත දොඩාවත්ත (නීතිඥ), සුගත් වසන්ත ද සිල්වා සහ නිලන්ති කොට්ටහච්චි (නීතිඥ) යන පිරිස සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස තේරී පත් විය.

සංසදයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංසදය ජූලි 22 වන දින නැවත රැස්වීමට නියමිත බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom