lan englan tam

පුවත්

අවදානම් සෙල්ලමක් එක්ක ළඟදීම රූපවාහිනියෙන් එන අලුත්ම ටෙලිය "මාරක සර්කස්"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

' මාරක සර්කස් - Dance of the Death ' කියලා කියන්නේ ලගදීම ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිත අලුත්ම ටෙලි නාට්‍ය නිර්මාණයක්.

නිකමට හිතලා බලන්න තව දින කිහිපයකින් ඔබ නිසැකවම මියයනවා කියලා ඔබට දැනගන්න ලැබුනොත්. ඔබ මොන විදිහට කටයුතු කරයිද? ඔබේ සිතුවිලි මොන විදිහට ක්‍රියාත්මක වෙයිද? මෙන්න මේ වගේ අපූරු කතා තේමාවක් තමයි මේ ටෙලි නාට්‍යට පසුබිම් වෙන්නේ.

කැලුම් ශ්‍රී, චාපා විජේසිංහ, සුලක්කන හේරත් ,සුමිත් ඉලංගෝ, අනුෂ්ක ඉඳුනිල්, ධර්මප්‍රිය ඩයස් ,ප්‍රියන්ත සෙනෙවිරත්න,චන්දික නානායක්කාර ,ෆර්නි රෝෂිනී, වත්සලා දියලගොඩ, දිදුල ඉඳුවර, විමුක්ති කිරිඇල්ල, කවීෂ සංදීප වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.

 

518320293 122127092054870210 6360970281512588180 n 

පහතින් දැක්වෙන්නේ ‘මාරක සර්කස්’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන සේනාන් විමල්වීර විසින් මේ පිළිබඳව හඳුන්වා දෙමින් තබන ලද සටහනයි.

(උපුටා ගැනීම)

' මාරක සර්කස් හෙවත් Dance of the Death '

මරණය කියන්නෙ එක විදිහක නර්තනයක්. මොකද අපි හැමවෙලේම මරණය ඉස්සරහ තියාගෙන නට නටා ඉන්නෙ. මාරක ලිඳේ මෝටර් බයිසිකල් පදින මනුස්සයා කරන්නෙ ඒ වගේ සෙල්ලමක්. නූලෙන් මිස් උනොත් හැමදේම ඉවරයි. මේ වැඩේ කතා ගොඩක එකතුවක්. කතා කීපයක් එකට බැඳිලා යන වැඩක්.

ඇත්තෙන්ම මේ වැඩේට මූලික අදහස එන්නෙ අකිරා කුරසෝවාගේ 'Ikiru' කියන චිත්රපටය බැලුවම. මැරෙන්න ඉන්න මිනිහෙක්ගෙ සිතුම් පැතුම් එක්ක ඒ මනුස්සයව කොහොමද තමුන්ගෙ සංස්කෘතිය මෙහෙයවන්නෙ කියලා. ඊට පස්සෙ මම මේ වගේ වැඩ හොය හොය බලන්න ගත්තා. The Bucket list, The Seventh Seal , Coco වගේ චිත්රපට බලද්දි මට තවදුරටත් මැරෙන්න ඉන්න මිනිහෙක්ගෙ කතාවක් කරන්න ආස හිතුනා.

මේක කතාවක් විදිහට ඩිවලොප් කරලා පිටපත හැදුවෙ කවීෂ සංදීප, රූප විදිහට ලස්සනට තිරයට ගෙනාවෙ රසික විජේසිංහ, නියමිත විදිහට කපලා හැඩ කළේ විරංග කැටිපෙආරච්චි.

ඉතිං මේක පොඩි අපි කට්ටියම එකතු වෙලා ගත්ත ආතල් එකක්.ඒ ආතල් එක ඔයාලටත් සෙට්වෙනවද කියලා ' මාරක සර්කස්' බලලා කියන්න..

ඔන්න දැන් ඒක ජාතික රූපවාහිනියේ ළඟදීම විකාශය වෙන්නයි යන්නෙ !

"එහෙනම් මාරක සර්කස් එකක් යමු..."

සේනාන් විමලවීර

(උපුටා ගැනීම අවසන්)

ටෙලි නාට්‍යයේ හඳුන්වාදීමේ වීඩියෝව මෙතනින් නරඹන්න>>

 

('Senan Wimalaweera' ෆේස්බුක් පිටුව ඇසුරිනි) 

 

kemadasa

shungara

Back to top
Go to bottom