ප්‍රවීණ කී බෝඩ් වාදන ශිල්පී සංගීත අධ්‍යක්ෂක රාජු ජයකොඩි මහතා මීට සුළු වෙලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අති දක්ෂ ඕගන් වාදකයෙකු වූ ඔහු 80 යුගයේ ලංකාවේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ රෝහිත ජයසිංහයන් විසින් පරිපාලනය කරන ලද 'SEAC' සංගීත කණ්ඩායමේ මෙන්ම පසුව ගායක සමන් ද සිල්වා විසින් මෙහෙයවන ලද 'සමන් ඇන්ඩ් ක්ලෑන්' සංගීත කන්ඩායමේ සිටි ප්‍රධාන වාදකයෙකු ලෙසද කටයුතු කළා.
ග්‍රේෂන් ජයමහගේ මුල්ම කැසට් පටය වූ සුදු මීදුම කැසට් පටයට වර්නන් පෙරේරා විසින් ලියන ලද "හිම මාවතේ දි සීතලේ සැලිලා" ගීතයේ තනුව ද ඔහු විසින් නිර්මාණය කරන ලද්දකි. එමෙන්ම සංගීතවේදි ගායක ක්ලැරන්ස් විජේවර්ධන සමග බොහෝ නිර්මාණ වලට වාදකයකු ලෙස ඔහු දායක වී තිබෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු වන ආකාරය පිලිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.




