lan englan tam

පුවත්

අනුරාධා නිල්මිණිගේ "මුහුලු මුක්තක" කාව්‍ය සංග්‍රහය අගෝස්තු 20 නිකුත්වේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට ප්‍රකට කිවිඳියක වන අනුරාධා නිල්මිණිගේ නවතම කාව්‍ය සංග්‍රහය වන "මුහුලු මුක්තක"(සියයක් සීගිරි පිළිවදන් ගී) එළඹෙන අගෝස්තු මස 20 වෙනිදා සුභාවී ප්‍රකාශනයක් ලෙස නිකුත් වීමට නියමිතයි.

මෙය ඇයගේ නවවන කාව්‍ය සංග්‍රහයයි.

මතු දැක්වෙන්නේ මෙම කාව්‍ය කෘතිය පිළිබඳව පළවූ විද්වත් සටහන් කිහිපයකි.

"අනුරාධා නිල්මිණි කිවිඳිය කවිතා ගුණයෙන් අනූනය. ප්‍රතිභාන්විත පරිකල්පනයෙන් හෙබිය.දිගු කලක් තිස්සේ ගද්‍ය පද්‍ය සාහිත්‍ය සංස්කෘතික වන්දනාවක යෙදෙන්නී ය.ඒ බැව් ස්ඵුට කරන නව නිමැයුම සුදීප්ත ය.ස්පර්ශීය මෙන්ම අස්පර්ශීය සංස්කෘතික උරුමයේ ආලෝචනාවෙන් සම ලංකෘත සීගිරිය මුහුලු මුක්තක සියයක සීගිරි පිළිවදන් ගීයෙන් ප්‍රතිනිර්මිතයි .ඇගේ කාව්‍ය ව්‍යක්තිත්වය අප හද මනබඳනා සුළු ය." 

- ආචාර්‍ය, ප්‍රණීත් අභයසුන්දර.

 

"මෙතෙක් කිසිදු නූතන කවියකුට හෝ කිවිඳියකට හසු නොවූ සීගිරි ගීයෙහි පුරුෂ ආස්ථානය සියුම් ලෙස මතු කිරීමකි."

- මහාචාර්යය ලතා ගුරුසිංහ.

 

" සහෘද වශියක් මවන අරුමෝසම් කවීත්වය සියුම්ව දෙදරවාලන මුහුලු මුක්තක."

- ඉතිහාස ගවේෂක, සුජිත් අක්කරවත්ත.

 

 Muhulu Mukthaka

kemadasa

shungara

Back to top
Go to bottom