lan englan tam

පුවත්

“චිත්‍රපට” සඟරාවේ සංස්කාරකත්වය බූපති නලින්ට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතික  චිත්‍රපට සංස්ථාව මගින් නිකුත් කරන ප්‍රධාන ප්‍රකාශනයක් වන “චිත්‍රපට” සඟ‍රාවේ සංස්කාරක ලෙස සම්මානලාභී තිර පිටපත් රචකයෙකු මෙන්ම ජනප්‍රිය සිනමා විචාරකයෙකු ද වන බූපති නලීන් පත් කොට තිබෙනවා.

ඒ අද (15) දින චිත්‍රපට සංස්ථාවේ දී එහි සභාපති සුදත් මහදිවුල්වැව අතින්.

" චිත්‍රපට " සඟරාව නවමු අරුතකින් හා හැඩයකින් පාඨක ප්‍රජාව අතට පත්කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව නව වැඩ පිළිවලකට යොමුව ඇති බවත් එහි පළමු පියවර වශයෙන් මෙම පත් කිරීම සිදු කළ බවත් චිත්‍රපට සංස්ථාව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.

චිත්‍රපට සංස්ථාව මගින් චතුර්මාසිකව " චිත්‍රපට " සඟරාව නිකුත් කරනු ලබන අතර ලෝක සිනමා ඉතිහාසය , ශ්‍රි ලාංකේය සිනමාවේ යුග ගවේශනය , නවීන තාක්ෂණය , විචාරය , තරු ගුණය සහ ජීවිතය සහ සිනමාව අතර වන සබැඳියාව වැනි තුලනාත්මක, සබුද්ධික අන්තර්ගතයන් කෙරෙහි ඒ මගින් අවධානය යොමු කරනු ලබනවා.

 

532259060 732298829641372 4270667808592919301 n

kemadasa

shungara

Back to top
Go to bottom