lan englan tam

පුවත්

නූතන ටෙලි නාට්‍යයේ ප්‍රමුඛයන් දෙදෙනෙක් එක්ව නිර්මාණය කරන ‘ජහුටා’ අගෝස්තු 18 සිට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවේ වර්තමාන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රමුඛතම නිර්මාණකරුවන් දෙපළක් වන සද්ධාමංගල සූරියබණ්ඩාර හා ජයප්‍රකාශ් සිවගුරුනාදන් එක්ව නිර්මාණය කරන “ජහුටා” ටෙලි නාට්‍යය එළඹෙන අගෝස්තු18 වනදා සිට සතියේ දිනවල රාත්‍රී 9.30 ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වෙන්න නියමිතයි.

“ජහුටා” ටෙලි නාට්‍යට දුෂේනි මියුරංගි, අඛිල ධනුද්දර, සම්පත් ජයවීර, චතුරංග කොඩිතුවක්කු, චන්දිමා කරුණාදාස, දුලාංජ ඩිල්ෂාන්... වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙනවා.

මීට පෙරද සද්ධාමංගල සූරියබණ්ඩාරගේ තිර රචනයෙන් සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘පාර දිගේ’, ‘නාඩගම් කාරයෝ’ වැනි ටෙලි නාට්‍ය වලට ද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්.

ඉතින්, ලබන සතියේ පටන් මේ ටෙලි නිර්මාණය නරඹන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වෙනවා.

පහතින් දැක්වෙන්නේ ටෙලිනාට්‍යයේ හඳුන්වා දීමේ වීඩියෝවයි>>

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom