lan englan tam

පුවත්

මහේෂ් මුණසිංහගේ ‘සූර්යා’ සාර්ථක දින 50 පසු කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘සුර්යා’ සිංහල චිත්‍රපටය සාර්ථක දින 50 පසු කිරීමට සමත් වී තිබෙනවා.

‘සුර්යා’ චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ ජූලි 12 වනදා සිටයි.

මේ වෙනුවෙන් පසුගියදා, හැව්ලොක් සිටි සංකීර්ණයේ පිහිටි ස්කෝප් සිනමා ශාලාවේදී ‘සූර්යා දින 50’ සැමරුමක් ද සංවිධානය කොට තිබූ අතර  මීට චිත්‍රපටයේ නළු නිළියන්, නිෂ්පාදක කණ්ඩායම ඇතුළු කලා ක්ෂේත්‍රයේ පිරිසක් සහභාගී වී සිටියා.

 

ජනිත් වික්‍රමගේ සහ නිහාරි පෙරේරා ප්‍රධාන චරිත නිරූපණය කරන සූර්යා චිත්‍රපටයේ සනත් ගුණතිලක, මයික් ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක, සුදීක්ෂා සමාධි, සංගීත් ප්‍රභූ, අජිත් වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සංගීත් ප්‍රභූ.. වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙනවා.

‘සූර්යා’ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබුවේ ජනප්‍රිය උපකාරක පංති දේශක දිනේෂ් මුතුගල විසින් වන අතර ඔහු මෙහි චරිතයකට රංගනයෙන් දායක වීමද විශේෂත්වයක්.

අත් නොහරින උත්සහයෙන් යුතු තරුණ පරම්පරාවක් වෙනුවෙන් නිර්මාණය වූ මෙම සිනමා නිර්මාණය ඔබට දිවයින පුරා සිනමා ශාලා වලදී නැරඹිය හැකියි!

පහතින් දැක්වෙන්නේ පසුගියදා හැව්ලොක් සිටි සංකීර්ණයේ  ස්කෝප් සිනමා ශාලාවේදී පැවති ‘සූර්යා දින 50’ සැමරුමේ විශේෂ අවස්ථා කිහිපයක්.

ඡායාරූප අයිතිය - 'Charuka Perera' සතුය.

View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/11598-50-11#sigProIda9f248c4fa

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom