ප්‍රථම වරට පැවැති ලෝක විශ්ව විද්‍යාලයීය ඇනිමේෂන් සම්මාන උළෙලේදී (WUAA),
“රේන්බෝ හොරයිසන්” ත්‍රිමාණ සජීවීකරණ කෙටි චිත්‍රපටය සදහා වූ සම්මානය තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ශිෂ්‍යාවක් වන යු .ජී .ඩී. නීල්‍යා බණ්ඩාර සමත් තිබෙනවා.
ඇය විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ “Diamond of the peace” ත්‍රිමාණ සජීවීකරණ කෙටි චිත්‍රපටය වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර අතිවිශිෂ්ට නිර්මාණාත්මක හැකියාවක් ඇති නිර්මාණ කෘතිය සඳහා මෙම සම්මානය පිරිනමනු ලබනවා.
මෙම තරගය හොංකොං විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද අතර පසුගියදා, එහි ත්‍යාග හා සහතික ප්‍රධානෝත්සවය හොංකොං විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.
කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීල් කූරේ මහතාගේ අධීක්ෂණය යටතේ ඇය ලැබූ මෙම ජයග්‍රහණය කැලණිය විශ්වවිද්‍යාලයට, ශ්‍රී ලංකාවේ ත්‍රිමාණ සජීවීකරණ කලා ක්ෂේත්‍රයට සහ දේශීය නිර්මාණ ශිල්පීන්ට විශාල ගෞරවයක් ලෙස සදහන් කළ හැකියි.
මෙම ලෝක සම්මාන උළෙලට ලෝකයේ රටවල් 96කින්, විශ්වවිද්‍යාල 600කට අධික සංඛ්‍යාවකින් තරගකරුවන් 1,736 ක් අයදුම් කර තිබූ අතර, එහි සිටින තරගකරුවන්ගේ නිර්මාණ ගුණාත්මකභාවය ඉතා උසස් තත්වයක පැවතිණි.
එම දැවැන්ත තරගකාරි නිර්මාණ අතරින් නීල්‍යා බණ්ඩාරගේ ජයග්‍රහණය ලංකාවේ අධ්‍යාපන හා නිර්මාණ ක්ෂේත්‍රයෙහි උසස් මට්ටම ද පිළිබිඹු කරන්නක්.
නිල්‍යා බණ්ඩාර දඹුල්ල පහලවැව ප්‍රදේශයේ පදිංචි කාරිනියක් වන අතර ඇය නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ ඉගෙනුම ලබූ සිසුවියකි.
( තොරතුරු සහ ඡායාරූප - කාංචන කුමාර ආරියදාස (Kanchana Kumara)








