මේ වන විට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වන,
වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කළ “නීරා” චිත්‍රපටය දින 10 ක් තුළ ලැබූ box office ආදායම රුපියල් ලක්ෂ 300 ඉක්මවීමට සමත් වී තිබෙනවා. ඒ අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද සමගයි.
චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කරනු ලැබුවේ සැප්.19 දා යි.
මීට පෙරද, වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කළ 'ආදරණීය ප්‍රාර්ථනා' (2022), 'විසල් ආදරේ' (2024) වැනි චිත්‍රපටද ඉහළ ආදායමක් වාර්තා කිරීමට සමත් වූ අතර ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ චිත්‍රපට ලෙස හැදින්විය හැකියි.
‘නීරා’ චිත්‍රපටයේ තිර පිටපත සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කළ අතර මෙහි සංගීත අධ්‍යක්ෂණය යසස් මැදගෙදර විසිනි.
ජනප්‍රිය රංගන ශිල්පීන් වන ශනුද්‍රි ප්‍රියසාද්, කසුනි කාවින්දි, සෙනිත් ගජවීර, පියුමාලී එදිරිසිංහ... මෙහි ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කළේ ලාලින්ද විජේවික්‍රම සහ හිරුණි සිතාරා බදුගේ විසින්.
'නිරා' චිත්‍රපටය ඔබට දැන් ළඟම සිනමා ශාලාවේදී නැරඹිය හැකියි.
චිත්‍රපටයේ ඇතුළත් (එහෙම බැලුවාම) ගීතය නරඹන්න පහතින්>>




