lan englan tam

පුවත්

චත්‍ර වීරමන්ගේ “ආයු” හෙට (02) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීම් ඇරඹේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටය ඔබ වෙත ගෙන ආ චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය “ආයු”,

හෙට (ඔක්තෝම්බර් 02) සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වීම් ඇරඹෙනවා.

ජගත් මනුවර්ණ, අශාන් ඩයස්,  සැන්ඩ්‍රා මැක් ප්‍රධාන රංගනයෙන් එක්වන “ආයු” චිත්‍රපටයට ප්‍රියන්ත සිරිකුමාර, මාලිනී ෆොන්සේකා, තුමිඳු දොඩන්තැන්න, නලින් ලුසේනා, සමනලී ෆොන්සේකා ඇතුලු තවත් නළු නිළියන් රැසක් රංගනයෙන් එක්ව තිබෙනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කළේ දයා රත්නායක හා යසස් රත්නායක විසින්.

තිරගත වීමට පෙර සිටම ජාත්‍යන්තර සම්මාන උළෙලවල් රැසක් නියෝජනය කරමින් විදෙස් සම්මානයෙන් පිදුම් ලැබූ  ‘ආයු’ යනු ආදරය, අධිෂ්ඨානය, ධෛර්‍ය පිළිබඳව හෘදයාංගම කතාවක් අන්තර්ගත චිත්‍රපටයකි. 

ඉතින්, හෙට දිනයේ සිට ඔබට ළඟම සිනමා ශාලාවෙදී ‘ආයු’ නරඹමින් අපූර්ව සිනමා අත්දැකීමක් විඳ ගන්නට ඔබත් එක්වන්න.

 

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>

 

 

kemadasa

shungara

Back to top
Go to bottom