lan englan tam

පුවත්

“එරන්දතී - දිවයිනේ දියණිය, උරුමයේ පිබිදීම” තුළින් 15 වන වරටත් හොඳම ජාතික ඇඳුම් නිර්මාණකරුවා වූ වෙනුක වික්‍රමආරච්චි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ beauty pagent ඉතිහාසය තුළ කලාත්මක ප්‍රවිණතාවය හා සංස්කෘතික ගැඹුර ප්‍රකට වූ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් පසුගියදා නිමාවට පත්වූ මිසිස් ශ්‍රී ලංකා 2025 (Mrs. Sri Lanka 2025) තරගාවලියේදී සටහන් විය.

එනම්, (Mrs. Sri Lanka 2025) තරගාවලියේ ප්‍රධාන අංශයක් ලෙස පැවැත්වෙන (National Costume Mini Pagent) අංශය වෙනුවෙන් වෙනුක වික්‍රමආරච්චි විසින් නිර්මාණය කළ, ඩයනා විදානගමගේ (ඩයනා රෝෂ්) විසින් නිරූපණය කළ “එරන්දති - දිවයිනේ දියණිය, උරුමයේ පිබිදීම(Erandhathi – Daughter of the Island, Bloom of Heritage) ඇඳුම් නිර්මාණය'හොඳම ජාතික ඇඳුම් නිර්මාණය පදවිය' (Best National Costume title) ජයග්‍රහණය කිරීමට සමත් වීමයි.

 

 වෙනුක වික්‍රමආරච්චි නිර්මාණය කළ එරන්දති - දිවයිනේ දියණිය, උරුමයේ පිබිදීම”  ඩයනා විදානගමගේ විසින් නිරූපණය කළ අවස්ථාව.

 

මෙය සටහන් වූයේ වෙනුක වික්‍රමආරච්චි ජාතික හා අන්තර්ජාතික වශයෙන් හොඳම ඇඳුම් නිර්මාණය සම්මානය (Best National Costume title) දිනා ගත් 15 වන අවස්ථාව ලෙසයි.

“එරන්දති - දිවයිනේ දියණිය, උරුමයේ පිබිදීමඇඳුම් නිර්මාණය සඳහා අභාෂය ලබා ගෙන තිබුණේ ඓතිහාසික කැලණි පෙරහැර සහ ශ්‍රී ලංකා ඉතිහාසයේ එන මිත්‍යා කතාවක් වන එරන්දතී, (නාග රැජින) නම් සංකල්පය ඇසුරු කර ගනිමිනි.

මෙම නිර්මාණය වඩාත් සුවිශේෂී වන්නේ ඒ මගින් මගින් නිරූපණය වු දෘශ්‍ය විශිෂ්ටත්වය නිසා පමණක් නොව එහි සංකල්පීය බලය නිසාවෙනි. ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමය වෙනුකගේ ඇඳුම් නිර්මාණය තුළ අන්තර්ගතව තිබුණි.

 

මෙම නිර්මාණය විචිත්‍රවත් අර්ථයෙන් පොහොසත් නිර්මාණයක් විය. වෙනුක මෙය ශ්‍රී ලංකාවේ පූජනීය චාරිත්‍ර වාරිත්‍ර සහ මිත්‍යාමය ජනප්‍රවාද වල සංකේතයක් ලෙස දක්වන ලදී. ඇඳුම් නිර්මාණයේ ආකෘතිය හරහා දිව්‍යමය ස්ත්‍රීත්වය හා පරිවර්තනය සංකේතවත් කරමින් මිත්‍යාමය ආරක්ෂක චරිතයක් වන එරන්දතීගේ ( නා රැජින) ගේ පෙනී සිටීම දැක්වූ අතර, ඇඳුමේ අලංකරණ දිවයිනේ වඩාත්ම තේජාන්විත සංස්කෘතික පෙරහැරවලින් එකක් වන කැළණි පෙරහැරේ රිද්මය, වර්ණය සහ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිරාවය කළේය.

 

IMG 5600 Erandhathi

 

ඇදුම් නිර්මාණයේ සෑම අංගයක්ම සුවිශේෂී නිර්වද්‍යතාවයකින් යුක්තව අතින් (handcrafted) නිර්මාණය කරන ලදී. sequined motifs, hand-cut metallic accents, and intricate beadwork layered over textural fabrics යොදා ගන්නා ලදී.

දඟර ගැසුණු නාගයෙකුගේ ස්වරූපය නියෝජනය වන ආකාරයට ඉතා සියුම් ලෙස මූර්තිමත් කරන ලද ඔටුන්න බලය හා දේවත්වයේ මූලික සංකල්පය බවට පත් විය. මේ සියල්ල හරහා මෙය හුදු ඇදුම් නිර්මාණයට වඩා වැඩි දෙයක් බවට පත් විය. එනම් නිර්මාණය හරහා සංස්කෘතික කතන්දර කීමේ ක්‍රියාවක් බවට පත් විය.   

ජයග්‍රහණය පිළිබඳව ආවර්ජනය කරමින්, වෙනුක වික්‍රමාරච්චි, මෙම පිළිගැනීමට ලක් වීම පිළිබඳව සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය.

ඔහු මෙසේ පැවසීය,

“2025 Mrs. Sri Lanka හීදී “එරන්දතී - දිවයිනේ දියණිය, උරුමයේ පිබිදීම” සඳහා ‘best national costume title’ එක දිනා ගැනීමට ලැබීම ගෞරවයක්. මෙය ජාතික හා ජාත්‍යන්තර වේදිකා දෙකේම මගේ 15 වන (best national costume)  ජයග්‍රහණයයි. ශ්‍රී ලාංකික කලා කෞශල්‍ය ගෝලීය වේදිකාවක ජීවමානව තබා ගැනීමට මගේ කැපවීම පිළිබඳව ආඩම්බර මොහොතකි.”එමෙන්ම ඔහු සිය නිර්මාණ කණ්ඩායමට තමාගේ කෘතඥතාව පළ කළ අතර තම පවුලට සහ සහයෝගය ලබා දුන් සැමට ජීවිතයට දැක්මක් ගෙන ඒමට දායක වීම පිළිබඳව ස්තූතිය පළ කළේය. මෙම නිර්මාණයේ සෑම මැහුමක්ම, සෑම කැටයමක්ම සහ silhouette  එකක්ම ඉතා පරික්ෂාකාරී කණ්ඩායම් ක්‍රියාකාරීත්වයේ සහ දැඩි ආශාවේ ප්‍රතිඵලයි. “සෑම විස්තරයක්ම අපගේ දිවයිනේ උරුමයේ කතාව කියයි,” ඔහු පැවසීය.

 “එරන්දතී - දිවයිනේ දියණිය, උරුමයේ පිබිදීම” ඇඳුම් නිර්මාණය  එළිදැක්වීමත් සමඟ එය ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය හරහා ජනප්‍රියත්වයට පත් වූ අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලද අවධානය දිනාගැනීමට සමත් විය. එමෙන්ම විලාසිතා ලෝලීන් සහ සංස්කෘතික විචාරකයින් යන දෙපිරිසගෙන්ම පුළුල් අවධනයට සහ පැසසුමට ලක්විය. එහි ප්‍රබල ‘රූපමය’ හා ‘සංකේතාත්මක ගැඹුර’ වේදිකාව ඉක්මවා ගිය අතර, කලාව, උරුමය හා නූතන ඇඳුම් ආයිත්තම් වල අන්තර් ඡේදනය (intersection) පිළිබඳව සංවාද ඇති කිරීමට සමත් විය. ඇඳුම මගින් ඉදිරිපත් කිරීම ( perform) සහ මූර්ති (sculpture) අතර සීමාවන් බොඳ කර  විලාසිතා ආඛ්‍යාන කලාවක් බවට පරිවර්තනය කළ බව විචාරකයින් පෙන්වා දෙන ලදී.

 

IMG 5762 1ඇදුම් නිර්මාණ ශිල්පී වෙනුක වික්‍රමාරච්චි

 

වෙනුක වික්‍රමාරච්චි මේ වන විට ජාතික හා ජාත්‍යන්තර තරඟ 15 ක් සඳහා ජාතික ඇඳුම් සහ ඇඳුම් ආයිත්තම් නිර්මාණය කර ඇති අතර, දේශීය හා ගෝලීය වේදිකා දෙකටම ඔහුගේ කෘති ගෙන ගිය තරඟකරුවන් 11 දෙනෙකු නියෝජනය කරයි.

2020 සහ 2025 අතර ඔහුගේ නිර්මාණාත්මක අධ්‍යක්ෂණය Tourism World Sri Lanka 2022, Mrs. Sri Lanka for Mrs. World 2021, Mr. & Miss Teen Sri Lanka 2021, Miss International 2024, Miss Grand International 2022, සහ Mrs. Sri Lanka for Mrs. World 2025 වැනි ඉසව් දක්වා ගමන් කරයි. 2020 ට පෙර, වෙනුක වික්‍රමාරච්චිගේ නිර්මාණ ඇමරිකා එක්සත් ජනපදය, තායිලන්තය, තුර්කිය, චීනය, ස්පාඤ්ඤය සහ බල්ගේරියාව ඇතුළු රටවල් අටක ජාත්‍යන්තර වේදිකා නවයක ප්‍රදර්ශනය කරන ලදී.  ඔහුගේ නිර්මාණ Mrs. Sri Lanka World 2018, Mister Global, Best Model of the World, and Miss Tourism Queen International වැනි කීර්තිමත් තරඟවලදී ශ්‍රී ලාංකික ශිල්පීය හැකියාවන් සමරමින්, රටවල් 50 කට වැඩි ගණනක ගෝලීය සහභාගිවන්නන් සහ ප්‍රේක්ෂකයින් සිය ගණනක් ඉදිරියේ ප්‍රදර්ශනය කර ඇත. ඒ අනුව මහද්වීප හරහා ශ්‍රී ලාංකික උරුමය නියෝජනය කරමින් විලාසිතා, උරුමය සහ අනන්‍යතාවය පිළිබඳ පාලම් ගොඩනගන නිර්මාණකරුවෙකු ලෙස වෙනුකගේ බලපෑම හැදින්විය හැකිය. 

වෙනුක වික්‍රමාරච්චි ඔහුගේ සමකාලීනයන්ගෙන් වෙන්කර හඳුනා ගත හැක්කේ සිය නිර්මාණ හරහා කතා ආඛ්‍යාන (stories) ප්‍රකාශ කිරීමට ඔහු තුළ ඇති නොසැළෙන පෙළඹවීමයි. ඔහු නිර්මාණය කරන සෑම කෘතියක්ම සංස්කෘතික මතකයේ සහ සමකාලීන නවෝත්පාදනයේ සංස්ලේෂණයක් පිළිබිඹු කරයි. දේශීය වේදිකාවල හෝ ජාත්‍යන්තර වේදිකා වල ප්‍රදර්ශනය කළත් ඔහුගේ කෘති හැඟීම්, අර්ථය සහ ආඩම්බරය ඇති කරයි. “එරන්දතී - දිවයිනේ දියණිය, උරුමයේ පිබිදීම” සමඟ ඔහු මෙම උරුමය සැමරුවා පමණක් නොව එය ජීවමාන කලා කෘතියක් බවට ද උසස් කළේය.

සටහන - යූමාල් කසුන්

 

පහතින් දැක්වෙන්නේ වෙනුක වික්‍රමආරච්චි නිර්මාණය කළ "එරන්දති - දිවයිනේ දියණිය, උරුමයේ පිබිදීම” ඇඳුම් නිර්මාණය ඩයනා විදානගමගේ විසින් නිරූපණය කළ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්

 

EI1

EI22

EI6

EI33

EI4

 

kemadasa

shungara

Back to top
Go to bottom