ශ්‍රී ලාංකික නළුවෙකු ජාත්‍යන්තර ඉංග්‍රීසි චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රථම අවස්ථාව සටහන් කරමින්,
ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී බුද්ධික ජයරත්න “Sunny's Mansion" නම් ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි චිත්‍රපයේ ප්‍රධාන චරිතය නිරූපණයෙන් එක් වූ බව ඔබ දැනටමත් දන්නවා ඇති.

මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික සිනමා නිර්මාණකරුවෙකු වන හර්මන් පෙරේරා විසින් වීමයි.
මේ චිත්‍රපටයේ ප්‍රථම ප්‍රදර්ශනය (premiere) ඊයේ (19) දිනයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි “Drum Theatere” හීදී පැවැත්වුණා.
එමෙන්ම “Sunny's Mansion" චිත්‍රපටය amazon prime හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන්ට භාෂා 17 කින් යුක්තව නැරඹීමටද මේ වන විට අවස්ථාව උදා වී තිබෙනවා.
SUNNY'S MANSION චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මෙන්ම තිර පිටපත් රචකයා වන්නේද හර්මන් පෙරේරායි. ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ 2008 වර්ෂයේදීයි. ඔහු විසින් මීට ප්‍රථම "Flat Grey Sky " (2013), " Unpredictable (2016), සහ " Deeper "(2019) යන කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කර ඇති අතර ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදීම මෙම කෙටි චිත්‍රපට සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
'SUNNY'S MANSION' චිත්‍රපටයේ අධ්‍යක්ෂක හර්මන් පෙරේරා
'SUNNY'S MANSION' චිත්‍රපටය හර්මන් පෙරේරාගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වන අතර මෙහි ප්‍රධාන චරිතය සඳහා අසියානු ජාතිකයෙක් සුදුසු වේ යන හැගීමයී අධ්‍යක්ෂකවරයාගේ මනසේ මැවී තිබෙන්නේ. ඒ අනුවයි බුද්ධික ජයරත්න හට මෙහි ප්‍රධාන චරිතය සඳහා අවස්ථාව හිමිවන්නේ.
මෙම චිත්‍රපටය ත්‍රාසය, භීතිය කැටි කොට ගත් (Horror/Thriller) වර්ගයේ වෘතාන්ත චිත්‍රපටයක් ලෙසයි සිනමාවට එක් වන්නේ.
ඕස්ට්‍රේලියාවේ සුවිසල් මන්දිරයක සිදුවන අද්භූත සිදුවීම් සමුදායක් මෙම චිත්‍රපටයේ කතාවට පාදක වන අතර එම මන්දිරය හොල්මන්, අවතාර අරක්ගත් ස්ථානයක් වේ. ඒ අනුව මෙම නිවසේ හිමිකරුවන් මෙම උවදුරෙන් මිදීම සඳහා 'ඩාර්' නම් පුද්ගලයාගේ උදවු බලාපොරොත්තු වේ. මෙම "ඩාර් " නම් විශේෂ බලයක් සහිත මන්ත්‍රචාර්‍ය වරයාගේ චරිතයට පන පොවන්නේ බුද්ධික ජයරත්නයි. ඉන් අනතුරුව සිදුවන ත්‍රාසජනක සිදුවීම් සමුදායක් වටා චිත්‍රපටයේ කතාව ගලා යනවා.
මෙම චිත්‍රපටයට බුද්ධික ජයරත්න(Buddika jayarathne ) ඇතුළුව කාරා මැතිව්ස්(Cara Matthews) , ජැරීඩ් කෙනඩි( Jarid Kennedy) , නිවා පෙරේරා(Niva perera) , ටොම් මාර්චන්ට්( Tom Marchant) , එලී ස්ටුවර්ට්( Ellie Stewart) , ටොම් මැක්තී ( Tom McCthie), ජේම්ස් බෝල්ටන්( Jamem Bolton) සහ ඊතන් කුක්( Ethan Cook) ඇතුළු ප්‍රකට ඕස්ට්‍රේලියා, ඇමරිකා රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වී තිබෙනවා.
ජාත්‍යන්තර සිනමාවට අවතීර්ණ වූ ශ්‍රී ලාංකික රංගන ශිල්පී බුද්ධික ජයරත්නට සහ ඔස්ස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය සිනමා නිර්මාණකරු හර්මන් පෙරේරාට අපගේ උණුසුම් සුබ පැතුම්.
තොරතුරු - ඇන්ටන්. ජේ ප්‍රනාන්දු සහ AUS LANKA TV ඇසුරිනි.
“Sunny's Mansion" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය හා ඡායාරූප පෙළක් පහතින් දැක්වේ.
https://mirrorarts.lk/news/11816-sunny-s-mansion#sigProId6ca85dc6b8




