lan englan tam

පුවත්

ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ "රිවර්ස්ටන්" සිංහල චිත්‍රපටය ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අන්තර්ජාතික සිනමා උළෙල රැසකදීම සම්මානයට පාත්‍ර වූ ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ "රිවර්ස්ටන්" (Riverstone) සිංහල චිත්‍රපටය ළගදිම දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට සූදානම් බව වාර්තා වෙනවා.

 

511270747 1026232889493134 2492180049802923025 n 1 

පසුගියදා, පැවැති 31වැනි කොල්කටා ජාත්‍යන්තර සිනමා උළෙලේ දී "රිවර්ස්ටන්" චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය උදෙසා වූ (Golden BENGAL TIGER AWARD FOR BEST DIRECTOR) සම්මානයෙන් ද ලලිත් රත්නායක පිදුම් ලැබූවා.

එමෙන්ම 27 වන ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ‘Asia new talent’ අංශය යටතේ විශිෂ්ඨතම කැමරාකරණයට (Best Cinematography) හිමි සම්මානය සහ විශිෂ්ටතම තිර රචනයට (Best Screenplay) හිමි සම්මානය ද ‘රිවස්ටන්’ චිත්‍රපටය වෙනුවෙන් හිමි උනා.

 

MV5BMjRhZTBlZDgtYzI3Ny00ODI3LTliNTgtZjkyZjQwYjE1NmFkXkEyXkFqcGc. V1 FMjpg UX1000

 

ශ්‍යාම් ප්‍රනාන්දු, රන්දික ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, ආනන්ද කුමාර උන්නැහැ හා ප්‍රබෝදිනී චන්ද්‍රසේනගේ රංගනයෙන් ඔපවත් වන  "රිවර්ස්ටන්" චිත්‍රපටය,

ප්‍රභාත් රෝෂන් ගේ කැමරා අධ්‍යක්ෂණයෙන්, ලලිත් රත්නායකගේ හා නිලන්ත පෙරේරාගේ තිර රචනයෙන්, තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණයෙන්, චාලක යසස් පෙරේරාගේ සංගීතයෙන්, සමන්ත වන්නිආරච්චිගේ කලා අධ්‍යක්ෂණයෙන්, සසික රුවන් මාරසිංහගේ ශබ්ද සැලසුම්කරණයෙන් ප්‍රියන්ත දිසානායකගේ  වේෂ නිරූපනයෙන් නිමවී තිබෙනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කළේ ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ විසින්.

ඉතින් ළඟදීම "රිවර්ස්ටන්" චිත්‍රපටය සමග අපූර්ව සිනමා අත්දැකීමක්  විදගන්නට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව උදාවනු ඇති.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින්>>>

 

 

kemadasa

Back to top
Go to bottom