සිනහව, ප්‍රේමය, භීතිය, ත්‍රාසය එකම සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයා වෙත ගෙන “අභීත” නවතම චිත්‍රපටය නුදුරේදීම දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වීමට නියමිත බව වාර්තා වෙනවා.
“අභීත” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ශ්‍රී ලාංකීය මෙන්ම ඉන්දියානු සිනමා කර්මාන්තයටද වසර ගණනාවක සිට සිය දායකත්වය දැක්වූ ජනප්‍රිය සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස ප්‍රකට ශ්‍රැති ප්‍රභා විසින් වන අතර මෙය ඔහුගේ සිංහල සිනමාවේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පබෝදා සංදීපනී සහ අභීත ප්‍රකාශ් රංගනයෙන් දායක වන අතර,
මේ සමගින් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියානි අමරසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, මිහිර සිරිතිලක, රොඩ්නි වර්ණකුල, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.. ඇතුළු ප්‍රවීණ, සම්මානනීය, මෙන්ම ජනකාන්ත නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
තම මව වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් වීර වික්‍රමාන්විත පුතෙකුගේ කතාවක් අභීත චිත්‍රපටිය හරහා තිළිණ කෙරෙන අතර ජීවිතය සහ එහි විවිධ හැල හැප්පීම් පිළිබඳවත්, යාචකයාගේ සිට දානපතියා දක්වා ජීවිත වල සියුම් වෙනස් වීම් සමඟ විවිධ ආකාරයේ අනපේක්ෂිත ගලායම් වලින් මෙම චිත්‍රපටියේ කතා වස්තුව සමන්විතයි.
විටෙක ප්‍රේමණීය, විටෙක ඛේදජනක, විටෙක හාස්‍යජනක දර්ශන රැසකින් සමන්විත මෙම සිනමා කෘතිය පවුලේ සැමට එක්ව නැරඹිය සිනමා නිර්මාණයක් ලෙසයි ප්‍රේක්ෂකයාට තිළිණ වන්නේ.
ඉතින්, එළඹෙන 2026 වර්ෂයේ ආරම්භයත් සමග “අභීත” නවතම සිනමා නිර්මාණය පවුලේ සැමට එක්ව රසවිදින්නට ඔබට අවස්ථාව උදා වනු ඇති.




