‘මෝටර් බයිසිකල්’, ‘සිහින නෙලුම් මල්’ වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළ සම්මාන ලාභී, තරුණ සිනමා අධ්‍යක්ෂක ශමීර නාඔටුන්නගේ නවතම චිත්‍රපටය ‘වයිෆ්’ (The Wife) එළඹෙන පෙබරවාරී 14 වනදා සිට දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වීමට නියමිත බව නිවේදනය කොට තිබෙනවා.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරමින් රංගනයෙන් දායක වන්නේ මෙරට ජනකාන්තම නළු නිළි දෙපළක් වන හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරියයි.
හැඟීම් බිදී ගිය සිනමාකරුවෙකුගේ ජීවිත කතාවක් වටා ‘වයිෆ්’ චිත්‍රපටයේ කතාව ගලා යනවා.
‘වයිෆ්’ (The Wife) චිත්‍රපටය නිෂ්පාදනය කළේ වරුණ අරඹගේ විසින්.
ඉතින්, එළඹෙන 2026 නව වසරේ පෙබරවාරි මාසයේ ආදරවන්තයින්ගේ දිනයේ සිට ‘වයිෆ්’ (The Wife) නරඹන්නට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව උදා වෙනවා..










