මේ වන විට දිවයින පුරා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වන “ෆාදර් -father” චිත්‍රපටය දින 17 ක් වැනි කෙටි කාලයක් තුළ දී Box Office ආදායම මිලියන100 (කෝටි 10) ක සීමාව පසු කිරීමට සමත් වී තිබෙනවා.

“ෆාදර්” චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජනවාරි 09 වනදා සිටයි.
මේ පිළිබඳව සටහනක් එක් කරමින් ‘ෆාදර් - Father’ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම සඳහන් කර තිබුණේ, ලාංකීය සිනමාවේ නව පිබිදීමක් ඇති කිරීමට සහය දුන් ප්‍රේක්ෂක ඔබ සැමට හදපිරි ස්තූතිය පිරිනමන බවයි.
“ෆාදර්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ චමින්ද ජයසූරිය විසින් වන අතර EMIKA PRODUCTION වෙනුවෙන් ශාන්ත ගීතදේව චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබුවා.
පූජන දන්දෙණිය, සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න, සේවියර් කණිෂ්ක.... ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.











