පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (03) උදෑසන වැල්ලවත්ත පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
පසුගිය ජනවාරි මස 8 වැනිදා සිනමා විචාරකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව, ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ පසුබිමකයි අද නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු පොලිසියට භාරවීමට කටයුතු කර ඇත්තේ.









