lan englan tam

පුවත්

‘Ong-Bak’ නළු Tony Jaa ට පිළිකාවක්!

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

“Ong Bak” ක්‍රියාදාම චිත්‍රපටය හරහා ජාත්‍යන්තර අවධානයට ලක්වූ,

ප්‍රකට තායි ජාතික සටන් කලා සිනමා නළුවෙකු වන ටෝනි ජා (Tony Jaa) පීත්තාශයේ පිළිකා රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය හා වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබෙනවා.

වාර්තා වන පරිදි රෝගී තත්වය තරමක් දුරට වර්ධනය වී ඇති අතර, මේ වන විට ඔහු රසායනික චිකිත්සක(Chemotherapy) ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවයි සදහන් වන්නේ.

එම ප්‍රතිකාර මගින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් වර්ධනයක් දක්නට ලැබුණද, තවමත් වෛද්‍යවරුන්ගේ සමීප අධීක්ෂණය යටතේ පසුවන බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෑතකදී සමාජ මාධ්‍ය වෙත මුදාහැරි ඡායාරූපවල ඔහු කැපී පෙනෙන ලෙස කෙට්ටු වී ඇති බව නිරීක්ෂණය වීමත් සමඟ රසිකයන් ඒ පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටියා.

 

c1 3190830 1200ටෝනි ජා (Tony Jaa) මෑතකදීම සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා පළකර තිබූ ඡායාරූපය

 

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පුවත පැතිර යාමත් සමඟ බොහෝ රසිකයන් ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවල ඔහුට සුවය ප්‍රාර්ථනා කරමින් පණිවිඩ තැබීමට පටන් ගෙන තිබෙනවා.

 

ඊසානදිග තායිලන්තයේ සුරින් (Surin) පළාතේ තචකෝන් යීරම් (Tatchakorn Yeerum) ලෙස උපත ලැබූ සහ දේශීයව “ජා පනොම්” (Ja Phanom) ලෙස හැදින්වන ටෝනි ජා (ජාත්‍යන්තරව ප්‍රකට නාමය) ගේ 50 වන උපන් දිනයද අද (05) දිනට යෙදී තිබෙනවා.

 

497634663 23925230310414896 5157357523161790175 n

 

වයස අවුරුදු 10 සිට මුආයි තායි (Muay Thai) සටන් කලාව පුහුණු වී, වසර ගණනාවක් ස්ටන්ට් ශිල්පියෙකු (stunt man) ලෙස සේවය කිරීමෙන් පසු, ටෝනි ජා 2003 වසරේ තිරගත වූ 'ඔන්ග් බක්' (Ong Bak) චිත්‍රපටය හරහා සිය සිනමා දිවියේ දැවැන්ත පෙරළියක් සිදු කළේය. තායි බොක්සිං සහ අනෙකුත් සටන් කලා ශිල්පයන් ඒකාබද්ධ වූ එම චිත්‍රපටය ජාත්‍යන්තර අවධානයට ලක් වූ අතර, එහි තවත් චිත්‍රපට ද්විත්වයක් (sequels) නිර්මාණය වීමට ද එය මඟ පෑදීය.

එතැන් සිට ඔහු හොලිවුඩ් සහ හොංකොං සිනමා නිෂ්පාදන රැසක් සඳහා රංගනයෙන් දායක වී ඇත.

සටන් කලා ක්ෂේත්‍රයට ඔහු දක්වන ලද දායකත්වය අගයමින් 2017 වසරේදී ඔහුව සටන් කලා ඉතිහාස කෞතුකාගාරයේ (Martial Arts History Museum Hall of Fame) ගෞරවාදරයට ද පාත්‍ර විය.

මූලාශ්‍රය - bangkokpost

kemadasa

Back to top
Go to bottom