ශ්‍රී ලාංකීය මෙන්ම ඉන්දියානු සිනමා කර්මාන්තයටද වසර ගණනාවක සිට සිය දායකත්වය දැක්වූ ජනප්‍රිය සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස ප්‍රකට ශ්‍රැති ප්‍රභාගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය “අභීත” අද (06) සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල් වලදී ප්‍රදර්ශනය ආරම්භ වෙනවා.
ප්‍රේමය, හාස්‍යය, භීතිය, ත්‍රාසය මුසුව දිගහැරෙන සිනමා නිර්මාණයක් වන මෙය තම මවගේ ජීවිතය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන අපේ කාලයේ තරුණයෙකුගේ කතාවක් වටායි නිර්මාණය වී තිබෙන්නේ.
පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලින් පබෝදා සංදීපනී සහ මලයාලම් සිනමාවේ දක්ෂ රංගන ශිල්පී අභීත ප්‍රකාශ් රංගනයෙන් දායක වන අතර,
ඒ සමගින් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියානි අමරසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, මිහිර සිරිතිලක, රොඩ්නි වර්ණකුල, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.. ඇතුළු ප්‍රවීණ, සම්මානනීය, මෙන්ම ජනකාන්ත නළු නිළියන් රැසක් එක් වෙනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ අභීත ප්‍රකාශ් විසින්.
පවුලේ සැමට එක්ව නැරඹිය හැකි සිනමා නිර්මාණයක් වන 'අභීත' අද සිට ළඟම සිනමාහලේදී නරඹන්නට දැන් ප්‍රේක්ෂක ඔබට ඔබට එක් විය හැකියි.
මතු දැක්වෙන්නේ පළමු සතියේ 'අභීත' චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශලා පිළිබඳ විස්තර සටහනකි.











