ප්රසිද්ධ බයිලා ගායන ශිල්පී එම්. එස්. ප්රනාන්දු මහතාගේ ගීත මින් ඉදිරියට අවසරයකින් තොරව වසර 3ක කාලයක් මහජනතාව වෙනුවෙන් හෝ ප්රසිද්ධ වේදිකාවක හෝ ගායනා නොකළ යුතුයැයි කොන්දේසියක් පනවමින් ජනප්රිය ගායක එම්. ජී ධනුෂ්ක මහතා රුපියල් ලක්ෂ 10ක බැදුම්කරයක් මත නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් (12) නියෝග කළේය.
විත්තිකරු ගායකයකු වීම, කලාකරුවකු වීම, ඔහුගේ වයස, අගයතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 3ක් ගෙවීම සහ ප්රසිද්ධ බයිලා ගායක එම් එස් ප්රනාන්දු මහතාගේ ගිත ගායනා කිරීමට හේතු වූ පසුබිම යන කරුණු සළකා බලා අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 306 වගන්ති ප්රකාරව සිද්ධියට අදාළව වරදකරු නොකොට කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය.