ඉන්දියාවේ අමර්නාත් හින්දු දේවස්ථානයට පැමිණි බැතිමතුන්ට එල්ල කළ ප්‍රහාරයෙන් ජිවිත රැසක් ආරක්ෂා කරගැනීමට ක්‍රියා කළ බස් රථ රියදුරාට රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනැමීමට බොලිවුඩ් ගායක සෝනු නිගම් කටයුතු කර ඇත.
සටන්කාමීන් පිරිසක් විසින් 10 සඳුදා රාත්‍රියේ දී වන්දනා බස් රථයකට එල්ල කළ වෙඩි ප්‍රහාර නිසා කාන්තාවන් හය දෙනකු ඇතුළු වන්දනාකරුවන් හත් දෙනකු ඝාතනය වී ඇත.
එහිදී 30 දෙනකු පමණ තුවාල ලැබිය.
වෙඩි ප්‍රහාර එල්ල වූ ස්ථානයේ සිට කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි හමුදා ආරක්ෂක වළල්ල වෙත පැමිණෙන තෙක් ෂෙයික් සලීම් ගෆුර් නම් රියදුරු නොනවත්වා බස් රථය ධාවනය කිරීම නිසා ජිවිත රැසක් රැකි තිබුණි.
රියදුරාගේ නිර්භීතකම ඇගයීම පිණිස තමන් මේ පරිත්‍යාගය සිදු කළ බවත් මෙවන් නිර්භීත පුද්ගලයන් අපි තවත් දිරිමත් කළ යුතු බවත් සෝනු නිගම් පවසා ඇත