“ආදරණීය ප්‍රින්ස්” විශේෂ ගී ප්‍රසංගය ඊයේ (14 ) මහරගම යොවුන් රඟහලේදී පැවැත්වුණා.
ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ රෝහලට ගෙවිය යුතු මුදල සොයා ගැනීමේ අරමුණින් පැවැත්වූ එම ප්‍රසංගය සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.
ඒ අතර රන්ජන් රාමනායක වැනි දේශපාලන නායකයන්ද කලාකරුවන් ද රැසක් දක්නට ලැබුණා.
එහිදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක් ද ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ තම පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දෙකක් රෝහලට ගෙවිය යුතු මුදල සොයා ගැනීමේ අරමුදලට ලබාදෙනු ලැබුවා.
ජැට් ටෙක්නොලොජි ආයතනය වෙනුවෙන් එහි සාමාන්‍යධිකාරී හසන්ජිත් කුරුප්පුආරච්චි රුපියල් ලක්ෂ 10ක් එම අරමුදලට පිරිනැමුවා.
ප්‍රින්ස්ගේ රෝහල් බිලෙන් ලක්ෂ 10ක් නවලෝක සභාපති ජයන්ත ධර්මදාසගේ පුද්ගලික මුදලින් ගෙවීමද විශේෂත්වයක්.
ප්‍රින්ස්ගේ රෝහල් බිල්පත ඉතා පහසුවෙන් ගෙවිය හැකි වන අතර ලැබුණු චෙක්පත් මුදල් වූ වහාම දින කීපයකින් රෝහලේ මුදල ගෙවිය හැකි වන බවයි කීර්ති පැස්කුවල් ප්‍රවීණ ගායන ශිල්පියා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ.
මේ පිළිබඳව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් තැබූ ෆේස් බුක් සටහන පහතින්
-------------------------------------------------
ගායක ගායිකාවන් 27 දෙනෙකුගේ ලෙන්ගතු සහභාගිත්වයෙන් අති සාර්ථකව "ආදරණීය ප්‍රින්ස්" ප්‍රසංගය අවසන් වූ බව කෘතගුන පූර්වකව සඳහන් කරන්නට කැමතියි. ප්‍රින්ස්ගේ රෝහල් බිලෙන් ලක්ෂ 10ක් නවලෝක සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ පුද්ගලික මුදලින් ගෙවූ අතර JAT TECHNOLOGIES ආයතනය විසින් ලක්ෂ 10ක අනුග්‍රාහකත්වයක් ලබා දුන්නා. ජාතික තරැණ සේවා සභාවේ සභාපති තුමා ලක්ෂ 2කින් සහ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ලක්ෂයක මුදලකින්ද ආධාර කලා.
ප්‍රින්ස්ගේ රෝහල් බිල්පත අපට ඉතා පහසුවෙන් ගෙවිය හැකි වන අතර ලැබුනු චෙක්පත්, මුදල් වූ වහාම දින කීපයකින් මෙම මුදල ගෙවිය හැකි වෙනවා. මේ උතුම් සත් ක්‍රියාව වෙනුවෙන් දායක වුනු සියලුම ගායක ගායිකාවන්ට, වාදන ශිල්පීන්ට, ජාතික තරණ ස්වා සභාවේ සභාපති තුමා ඇතුලු නිලධාරීන්ට, කාර්මික ශිල්පීන්ට, සජිත් ලයිට්, කසුන් සවුන්ඩ් ආයතන වලට, සියලුම මාධ්‍ය ආයතන වලට, අනුග්‍රාහක ආයතන සහ අනුග්‍රාහක භවතුන්ට සංවිධායක කමිටුවේ සොයුරන් වන මධුමාදව, සේනක, නුවන් සහ ටිරෝන් ට සහ අමිල සහයක් ලබා දුන් ඇන්ටන් ජේ ප්‍රනාන්දු, රෝයි මහකුමාරගේ, සිසිර විජේතුංග, කුමාර පතිරගේ යන මිතුරන්ට මගේ හදපිරි සෙනෙහස සහ ස්තූතිය පුද කර සිටිමි.
ඒ වගේම ප්‍රසංගය නරඹන්නට පැමිනි සියලු දෙනාටත් නන් අයුරින් සහය වුනු සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තූතියි.
කීර්ති පැස්කුවල්.