අක්ශේ කුමාර් රංගන දායකත්වය ලබා දෙන “ටොයිලට්- ඒක් ප්‍රේම් කතා” Toilet- ek prem katha චිත්‍රපටයේ නිර්මාණකරුවන්ට එරෙහිව කතෘ හිමිකම් උල්ලංඝනය කිරීමේ නඩුවක් ගොනු කිරීමට ජායිපුර් සිනමාකරුවකු වූ ප්‍රතික් ශර්මා කටයුතු කර ඇත.
“ගුට්රන් ගුටාර් ගන්” නම් සිය සිනමාපටයෙන් උදෘත වාක්‍යක් සහ මාතෘකාව භාවිත කර ඇති බව සඳහන් කරමින් ඔහු චෝදනා එල්ල කරයි.
කතෘ හිමිකම් උල්ලංඝන නඩුව ඔහු ගොනු කර ඇත්තේ Plan C Studio ආයතනයටය එරෙහිවයි.
කෙසේ වෙතත් Toilet- ek prem katha නිර්මාණකරුවන් චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.
“කාන්තාවක් විවාහ වූ පසු ගෙදර වැසිකිලියක් නැති බව දැනගත් විට ආරවුලක් හටගනී, අවසානයේදී වැසිකිලියක් ද ගොඩ නැගේ,” ශර්මා සඳහන් කරන පරිදි 2015 දී නිර්මාණයකල ගුට්රන් ගුටාර් ගන් නම් සිය චිත්‍රපටයේ ඇතුලත් උක්ත වාක්‍යම Toilet- ek prem katha හි ද දක්නට ලැබේ.
මුදල් ප්‍රතිපාදන නොමැති වූ බැවින් ගුට්රන් ගුටාර් ගන් චිත්‍රපටය මේ වනතෙක් තිරගත කර නොතිබුණි. වසර දෙකක ඇවෑමෙන් පසු එළැඹෙන ජූලි 28 වනදා එය තිරගත කිරීම සඳහා කටයුතු සුදානම් කළ බව ශර්මා පවසයි.