ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර බෙවර්ලි හිල්ස් හි දී සිය මෝටර් රථය පදවමින් ජංගම දුරකතනය භාවිත කළ ඇමරිකානු ගායක ජස්ටින් බිබර්ට එරට රථ වාහන පොලිසිය විසින් දඩයක් පනවා ඇත.
රිය පදවමින් ජංගම දුරකථනය භාවිත කිරීමේ වරදට ඩොලර් 162 ක දඩ මුදලක් ගෙවීමට ඔහුට සිදු වී තිබේ.
එසේම වගකිව යුතු පුරවැසියකු ලෙසට නැවත මෙවැනි වරදක් නොකරන ලෙසට ඔහුට අවවාද දී ඇත.
ජස්ටින් බිබර් පොලිසිය විසින් අල්ලාගත් ප්රථම අවස්ථාව මෙය නොවේ.
මිට පෙර 2014 දී මියාමි හි දී ඔහුව අත්අඩංගුවට පත් වුණි. ඒ අධි වේගයෙන් ධාවනයේ යෙදීම හේතුවෙනි.