සුප්රකට ලින්කින් පාක් සංගීත කණ්ඩායම් ගායන ශිල්පී චෙස්ටර් බෙනින්ටන් සිය දිවි හානි කරගෙන තිබේ.
41 හැවිරිදි ඔහු ලොස්ඇන්ජලීස් හි පිහිටි සිය පෞද්ගලික නිවස තුළ ගෙල වැළලා ගෙන මියගොස් ඇති බව ප්රාන්ත මරණ පරීක්ෂක ප්රකශ කර ඇත.
20 බ්රහස්පතින්දා එරට වේලාවෙන් උදැසන 9 ට පමණ සිරුර සොයා ගෙන තිබේ.
පසුගිය මැයි මස සිය දිවි හානි කරගත් ගායන ශිල්පී ක්රිස් කෝනල් සමඟ බෙනින්ටන් සමීප සබඳතාවයක් පැවති බවට කියැවේ. ඔහුගේ අභාවය තමන් තුළ කම්පනයක් ඇති කළ බව බෙනින්ටන් ප්රකාශ කර තිබුණි.
1996 පිහිට වූ ලින්කින් පාක් සංගීත කණ්ඩායම ග්රෑමී සම්මාන දෙකකට හිමිකම් කියයි. එසේම මිලියන 70 කට අධික ගීත ඇල්බම ප්රමාණයක් ලොව පුරා අලෙවි වී තිබේ.
ඔවුන් විසින් ගායනා කරන Faint, In The End, Numb වැනි ගීත විශාල ප්රමාණයක් ලොව පුරා ඉමහත් ජනාදරයට පත් විය.
චෙස්ටර් බෙනින්ටන්ගේ වියෝව සම්බන්ධයෙන් ගායන ශිල්පින් ශිල්පිනියන් රැසක් සිය ශෝකය ප්රකාශ කර තිබුණි.