ශ්‍රී දළදා මාළිගාවේ උසස් අධ්‍යාපන ආයතනය වන පල්ලෙකැලේ පිහිටි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය විසින් බුදුදහමේ දැක්ම ජාත්‍යන්තරයට දායාද කිරීමේ අරමුණින් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පිටපත රචනා කොට, ශ්‍රී ලාංකේය හා ඇමෙරිකානු නාට්‍ය සම්ප්රදායයන්ගේ සම්මිශ්‍රණයෙන් නිෂ්පාදනය කරන ලද ‘සඳකිඳුරු’ වේදිකා නාට්‍යය 2017. 07. 28 දින පාසල් දර්ශනය පෙ.ව. 10.30 ට සහ මහජන දර්ශනය ප.ව. 5.30 ට මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේ දී රඟදැක්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ නූතන භාෂා හා ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ පර්යේෂණ ව්‍යාපෘතියක් වශයෙන් සිදුකරන මෙම නාට්‍යයේ නිෂ්පාදනය, ප්‍රවීණ වේදිකා නළු ජයනාත් බණ්ඩාර මහත්මාගේ උපදේශකත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නොදර්න් කන්ටැකි විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ මහාචාර්ය ඩැරල් හැරිස් ඇතුළු විද්‍යාර්ථීන් කණ්ඩායමක් විසින් සිදුකරන අතර, සංගීත අධ්‍යක්ෂණයෙන් ප්‍රවීණ සංගීතවේදී දර්ශන බෝධිකොටුව මහතා ද, වේෂ නිරූපණයෙන් ප්‍රවීණ වේෂනිරූපන ශිල්පි ආර්. එස්. පෙරේරා මහතා ද දායකත්වය දක්වයි.
ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය සම්ප්රදායේ නවමු අත්හදාබැලීමක් වශයෙන් වේදිකාගතවන සඳකිඳුරු නාට්‍යය සඳහා ටිකට්පත් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියෙන් සහ එදින දොරටුවෙන් ලබාගත හැකි ය.