හින්දි සිනමා කර්මාන්තයේ නඟා සිටුවීමට ඉමහත් සේවයක් කළ රංගන ශිල්පී දිලිප් කුමාර්ගේ සුව දුක් විමසා බැලීමට සුපිරි තරු ශාරුක් කාන් ඔහුගේ නිවසට පැමිණ ඇති බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහුගේ පැමිණීමෙන් දිලිප් වඩාත් සතුටට පත් වූ බව බිරිඳ සයිරා බානු පවසන්නීය.
94 හැවිරිදි රංගන ශිල්පියා වකුගඩු අබාධයකින් පෙලීම නිසා පසුගිය අගෝස්තු 2 වැනිදා මුම්බායිහි පිහිටි ලීලාවතී රෝහල වෙත ඇතුලත් කෙරුණි.
අසාධ්‍ය මට්ටමේ පසුවීම හේතුවෙන් අසහාය රංගන ශිල්පී දිලිප් කුමාර් දින කිහිපයක්ම රෝහල් ගත කර සිටියේය.
සයිරා බානු පවසන්නේ රෝහලින් පැමිණි දින සිට ඔහු ඉතා නිරෝගීව සිටින බවයි