ලොවම හඳුනන ටයිටැනික් සිනමාපටය ඔස්සේ ප්‍රේක්ෂකාදරය දිනාගත් රංගන ශිල්පී ලියනාඩෝ ඩිකැප්රියෝ මෙවර සිය රංගන දායකත්වය ලබා දෙන නවතම සිනමාපටය තරමක් වෙනස් එකක්.
මෙහි විශේෂත්වය තමයි ලියනාඩෝ ඩිකැප්රියෝට රඟපාන්නට හිමි වී ඇත්තේ ලොව ප්‍රකට කලාකරුවකු වූ ලියනාඩෝ ඩා වින්සිගේ චරිතය වීමයි.
වෝල්ටර් ඉසෑක්සන් රචිත මේ ශ්‍රේෂ්ට කලාකරුවාගේ චරිතාපදානයකට අනුව සිනමාපටය නිමවීමට නියමිතය.
“පැරමවුන්ට්” නාමය යටතේ චිත්‍රපටය නිර්මාණය කෙරෙන අතර ඩිකැප්‍රියෝගේ ඇපියන් වේ නිෂ්පාදන නාමය යටතේ නිෂ්පාදන කටයුතු සිදු වනු ඇත.
එක් ගැබිණි මවක් 1974 වසරේ ඉතාලියේ ෆ්ලොරන්ස්හි පිහිටි උෆිසි කලාගාරයේ සිට ඩා වින්සිගේ සිතුවමක් දෙස බලා සිටින විටදී සිය කුස තුළ සිටින දරුවා එල්ල කළ පළමු පා පහර අනුව යමින් එම දරුවාට ලියනාඩෝ යන නම තැබිය. ලියනාඩෝ නම තැබුණු සිය දරුවා කෙදිනක හෝ මේ ශ්‍රේෂ්ට කලාකරුවාගේ චරිතය නිරුපනය කරාවි යැයි එම මව කිසි දිනක නොසිතන්නට ඇත.