ජුලි 14 වැනිදා සිට ලංකාව පුරා සිනමාශාලාවල තිරගත වීම ආරම්භ කර දින 31 ක් ගත වූ තැන ලක්ෂ 535 ක අදායමක් ඉපැයීමට ධර්ම යුද්ධය චිත්‍රපටය සමත්ව තිබේ.
එසේම සුප්‍රකට මලයාලම් සිනමාපටයක් වන දෘෂ්‍යම් ඇසුරෙන් නිර්මාණය වූ ධර්ම යුද්ධය මේ වන විට දෙලක්ෂ තිස්පන් දහසක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා ඇත.
ජැක්සන් ඇන්තනි, දිල්හානි ඒකනායක, ඩග්ලස් රණසිංහ, කුසුම් රේණු, කුමාර තිරිමාදුර , තිසුරි යුවනිකා, විනුමි වන්සදී, ආරියසේන ගමගේ, වසන්ත කුමාරසිරි, අවන්ති අපොන්සු, රොෂාන් පිලපිටිය, ආනන්ද අතුකෝරල, දනුක දිල්ශාන් මෙම සිනමාපටයට රංගන දායකත්වය ලබා දී තිබේ.
ධර්ම යුද්ධය චිත්‍රපටි අධ්‍යක්ෂණය චෙයියර් රවී, විධායක නිර්මාණ නිෂ්පාදනය කේ.එස්. චම්මන්ත්රාජ්, කැමරා අධ්‍යක්ෂණය ෂන්මුගම් ශරවානන්, කතාව ජිතු ජෝශප්, දෙබස් ප්‍රගීත් රත්නායක, සංස්කරණය රාජා සේතුපති, ගීත රචනා මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීත අධ්‍යක්ෂණය සචින් පිරිස්, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, වේෂනිරූපණය ප්‍රියන්ත වන්නිනායක , කොණ්ඩා විලාසිතා තුෂාර විදානගමගේ, නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්න ගෙන් වන අතර සුරේන් චන්ද්‍රන් නිෂ්පාදන කළමනාකාරිත්වය දරා ඇත. මෙය MTV Channels පුද්ගලික සමාගමේ නිෂ්පාදනයකි.
රීගල්, මැජෙස්ටික්, ලිඩෝ ඇතුළු දිවයින පුරා CEL/NFC මණ්ඩල සිනමාශාලා හි මෙම සිනමාපටය තිරගත වේ.