සුප්රකට ඇමරිකානු ගායක ක්රිස් බ්රවුන් සිය පැරණි පෙම්වතිය වන සුප්රකට ගායිකා රිහානාට සිදු කළ අඩත්තේට්ටම් ගැනත් ඔවුන් දෙදෙනා අතර තිබුණු සම්බන්ධතාවය කෙතරම් දරුණු අතට හැරුණේ ද යන වගත් පිළිබඳව ප්රකාශ කර තිබෙනවා.
2009 දී ක්රිස් ඔහුගේ මෝටර් රථය තුලදී රිහානාට පහරදීම හේතුවෙන් ඇයට තුවාල පවා ලැබිය.
ඔහු සිදු කළ නවතම ප්රකාශයේ සටහන් වී ඇත්තේ වෙනත් කාන්තාවක් පිළිබඳව ඇති වූ වාදයක් නිසා රිහානා තමන්ව තල්ලු කරමින් පහර දෙමින් සිටි බවත් අනතුරුව තමන් ඇයට තදබල ප්රහාරයක් එල්ල කර ඇගේ අත සපා කෑ බවත්ය.
මට යක්ෂයෙක් වගේ හැඟීමක් ආවා ඒ ගැටුම ජිවිත කාලේ පුරා මට අමතක නොවේවි යනුවෙන් ක්රිස් පවසා ඇත.
ඒ සිදුවීමෙන් පසුව රිහානා තමන්ට දැඩි සේ වෛර කිරීමට පෙළඹුණු බව ඔහු පාපොච්චාරණය කර තිබේ.