ඇතමෙක් දේශයට පෙම් බැන්දෝය. ඇතමෙක් දේශයට වෛර කළෝය දේශයට පෙම්බඳින්න හා වෛර කරන්නන් අතීතයේ පමණක් නොව වර්තමානයේද නැතැවා නොවේය… මේ මසැසින් නොව මනසින් සැරිසරන්න කාලයයි.
‘කාල’ සම්මානනීය කලා අධ්යක්ෂවරයෙක් සහ සම්මානනීය කෙටි චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වන සුජීව ගුණරත්න පළමු සිනමා නිර්මාණයයි.
‘කාල’ සිනමා කෘතියේ මාධ්‍ය දැක්ම ඊයේ (16) දිනයේ බොරුල්ල ලිඩෝ සිනමා ශාලාවේදී තිරගතවිය.
ධාතුසේන රජු සොළීන් පරදවා රට එක්සේසත් කර පාලනය ගෙන ගිය කාලසීමාවේ කලා වැව නිර්මාණය කිරීම මෙන්ම ඊට පසුබිම් වු කරුණු ඇතුලත් චිත්‍රපටයට පාදකවී ඇත.
කළා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ පවතින ජනප්‍රවාදය චිත්‍රපටයේ පසුබිමයි.
මහේන්ද්‍ර පෙරේරා , ඩබ්ලිව් ජයසිරි , ජගත් මනුවර්ණ , විශ්ව කොඩිකාර ,මාදනී මල්වත්ත, ජනක් ප්‍රේමලාල් , ධර්මප්‍රිය ඩයස් සහ නීටා ප්‍රනාන්දු, ඇතුලු නළු නිලියන් රැසක් මීට රංගන දායකත්වය දක්වා තිබෙනවා.
වැවක් තැනීමට සුදුසු භූමියක් සොයමින් සිටින ධාතුසේන රජුට වැව තැනීමට සුදුසු භූමිය හමුවන්නේ රට වාසීන් විසින් අල්ලා ගන්නා කැලෑ මිනිසෙකු මාර්ගයෙන්. වැව ඉදිවන අතර එමගින් රට සශ්‍රීක වීම නොරිස්සු පිරිස් කුමන්ත්‍රණ කර වැව බිඳ දැමීමට ගන්නේ දැඩි උත්සාහයක්.
කුමන්ත්රණකරුවන් විසින් උපක්රමශීලීව වැවේ උමගක් නිර්මාණය කරන අතර එය වසා දැමීමට උත්සාහ කරන කාල නම් දරුවාට අකල් මරණයක් අත්වන්නේ ජලය ගලායන උමග තුල සිරවීමෙනි.
''රූ වෙනකම් වෑ බැම්ම ඉස්මත්තෙ නටල නටල යනකොට කුරුළු පැට්ටෙක් ගහ මුදුනතින් බිමට වැටිලා ඌ තියන්න ගහ මුදුනට නැග්ගා මට මයෙ ඇස්ගෙඩි දෙක අදහාගන්න බැරිවුනා.
නිළමක්කාරයෙක් තව එවුන් වගයක් එක්ක ඇවිත් වැව බිදෙන්ට උමයක් හාරලා ගියා.
මාව ගහට නැග්ගුවෙත් දේවතා උන්නාන්සේලා වෙන්ට ඇති කියලා මට හිතුනා
මේවැව බේරගන්ට...
මට මතකයි මං උමේ වහන්ට කොරපු වෙර වීරිය
එච්චරයි මට මතක
මයෙ නම කාල''