2017 වසර තුළ ඉහලම අදායමක් ලැබූ රංගන ශිල්පිනිය බවට පත් වීමට හොලිවුඩ් රංගන ශිල්පිනි එමා ස්ටෝන් සමත්ව තිබෙනවා.
ඒ ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාවකට අනුවයි.
ඔස්කාර් සම්මාන හිමිකරගත් ලා ලා ලෑන්ඩ් සිනමාපටය සඳහා රංගන දායකත්වය සැපයු එමා පසුගිය මාස 12 තුළ ඩොලර් මිලියන 26 ක් උපයා තිබේ.
ඉකුත් වසරේදී එමාගේ අදායම් තත්වය 160% කින් වර්ධනය වී ඇති බව සඟරාව පෙන්වා දේ.
ඇය මෙම ස්ථානයට පත්ව ඇත්තේ ජෙනිෆර් ඇනිස්ටන් සහ එමා වොට්සන් ද පරදවමිනි.
2016 වසරේ වැඩිම අදායමක් ඉපයූ ජෙනිෆර් ලෝරන්ස් තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඩොලර් මිලියන 24 ක ආදායමක් සහිතවය.
දෙවැනි ස්ථානය ජෙනිෆර් ඇනිස්ටන් හිමි කරගෙන තිබේ. ඇගේ අදායම් තත්වය ඩොලර් මිලියන 25.5 කි.
සුප්රකට හැරී පොටර් තරුව එමා වොට්සන් හට හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි. ඇය රඟ පෑ බියුටි ඇන්ඩ් ද බිස්ට් විශාල ප්රේක්ෂක ප්රතිචාර ලබා ගැනීමට සමත් විය.