ලොව පුරා වෙසෙන කුඩා ළමුන් මෙන්ම වැඩිහිටියන් අතර ඉමහත් ජනප්රියත්වයක් අත්කරගත් රංගන ශිල්පියකු ලෙස ජොනි ඩෙප් හඳුන්වන්නට පුළුවන්.
පයිරේට් ඔෆ් ද කැරිබියන් සිනමාපටයේ ජැක් ස්පෑරෝ චරිතයට පණ පෙවූ 54 හැවිරිදි රංගන ශිල්පියා පසුගියදා හදිසීයෙන්ම ළමා රෝහලකට පැමිණ තිබුණා.
ඔහු පැමිණ සිටියේ ජැක් ස්පෑරෝ චරිතය ආරූඪ කරගෙනයි.
ළමයින් සමඟ සෙල්ලම් කරමින් කතා බහ කරමින් ඔවුන්ට කුඩා සිහිවටන පිරිනමින් දරුවන් සතුටට පත් කිරීමට ජොනි ඩෙප් කටයුතු කළා.
පැය 5 කට අධික කාලයක් රෝහලේ හිඳිමින් සුළු කාලයකට හෝ දරුවන්ගේ වේදනාවන් අමතක කරලීමට ඔහු ගත් උත්සහය සැමගේ පැසසුමට ලක් විය.