2017 ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙලේ හොඳම ජනමාධ්‍ය, පුවත් සහ ක්‍රීඩා ඡායාරූපයට හිමි සම්මානය සිමා සහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ ඡායාරූප ශිල්පී රුක්මාල් ගමගේ විසින් හිමි කරගන්නා ලදී.
එම අංශයේ දෙවන සහ තෙවන ස්ථාන පිලිවෙලින් ක්ලිෆඩ් ජේම්ස් මරේ සහ අනුර ප්‍රදීප් යන ඡායාරූප ශිල්පින් දිනා ගත්හ.
උළෙල ඊයේ (19) දින කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
හම්බන්තොටදී පැවැත්වුණු උද්ඝෝෂණයක් අතරතුර ඊට සහභාගී වූ පිරිස් විසිරුවා හැරීමට ක්‍රියා කළ පොලිස් නිලධාරියකු, පොලිසිය විසින්ම එල්ල කළ අධි පීඩන ජල ප්‍රහාරයකට හසුවී ගොස් මුනින් අතට වැටෙන අවස්ථාවේදී ලබා ගත ඡායාරුව මෙහිදී සම්මානයට පාත්‍ර විය.
විනිශ්චය මණ්ඩලය විසින් තෝරා පත් කරගත් හොඳම ඡායාරූප 150 ක් අද සහ හෙට (20,21) යන දෙදින නෙලුම් පොකුණ රඟහලේදී ප්‍රදර්ශනය කෙරේ.