ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට දශක තුනක කාලයක පටන් සිය නිර්මාණ දායකත්වය සපයන ඩොනල්ඩ් ජයන්ත හට ගෞරව සම්මානයක් හිමිව තිබේ.
ඔහු මානව හිතවාදී, කලාශුරි, දේශමාමක ලංකා පුත්‍ර යන ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇත.
මෙම සම්මානය ඩොනල්ඩ් ජයන්ත හට පිරිනමා ඇත්තේ සමස්ත ලංකා සංස්කෘතික පදනමේ සභාපති අධ්යක්ෂ ජනරාල් දේශමාන්‍ය සුදර්ශන ගමගේ සහ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ලේකම් පි.අශෝක ප්‍රනාන්දු අතිනි.