ප්‍රබල විරෝධතා සහ ප්‍රහාරයක් එල්ල කරන බවට නැගුනු තර්ජන හමුවේ ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි තුළ ප්‍රසංගයක් පැවැත්වීමට පොප් ගායිකා අර්යානා සයිඩ් කටයුතු කර තිබේ.
ඇෆ්ගනිස්ථාන කිම් කාඩිෂියන් ලෙස නම් දරා සිටින අර්යානාගේ ප්‍රසංගය සඳහා සිය ගණන් තරුණ තරුණියන් සහභාගී වී ඇත.
දැඩි ආරක්ෂක රැකවල් යටතේ 19 වැනි සෙනසුරාදා ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ මෙම සංගීත රාත්‍රිය පැවත්වී තිබේ.
මිට පෙර ගාසි ක්‍රීඩාංගනයේදී ප්‍රසංගය පැවැත්වීමට සුදානම් කර තිබුනද ආරක්ෂක හේතුන් මත එම ස්ථානය වෙනස් කෙරුණි.
දශක ගණනාවක සිට තාලිබාන්, අල්කයිඩා වැනි අන්තවාදී සංවිධානවල ප්‍රහාරවල නිරන්තර ගොදුරක් බවට පත් වූ ඇෆ්ගනිස්ථානය තුල සංගීත ප්‍රසංගයක් පැවැත්වීම යනු දුලබ දසුනකි.
පසුගිය මස කිහිපය තුල කාබුල් නුවර දරුණු ප්‍රහාර කිහිපයකටම නතු විය.
තාලිබාන් පාලනය යටතේ දැරියන්ට පාසල් යාම පවා තහනම් වූ අවධියක තරුණියක් සංගීත ප්‍රසංගයක් පැවැත්වීම විදෙස් මාධ්‍යයේ වැඩි අවධානයට යොමු වී තිබුණි.