ජාතික තරුණ සේවා සභාව විසින් 38 වැනි වතාවටත් සංවිධාන කරනු ලබන ජාතික යෞවන සම්මාන කෙටි නාට්‍ය උළෙල සහ තරගාවලිය මරදාන ටවර්හෝල් රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ එළැඹෙන අගෝස්තු 29 වැනිදා සිට සැප්තැම්බර් 8 වැනිදා දක්වාය.
අංකුර කලාකරුවන් ශ්‍රී ලාංකේය කලා කෙතට හඳුන්වාදෙන මෙම නාට්‍ය උළෙල වර්ෂ 1977 ආරම්භ කරන ලද්දකි.
සිංහල, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙහි නිර්මාණ ඉදිරිපත් කෙරේ.
කලා ක්ෂේත්රය තුල කැපී පෙනෙන චරිත බවට පත්ව වූ එඩ්වඩ් ජයකොඩි, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, දයාරත්න රටගෙදර, විමලරත්න අධිකාරී පළමු යෞවන සම්මාන නාට්‍ය තරගාවලියට නිර්මාණ දායකත්වය ලබා දුන් කලාකරුවන් විය.
එසේම ආරම්භයේ පටන් ජාතික යෞවන සම්මාන වේදිකා නාට්‍ය උළෙල සඳහා විවිධ අංශ ගණනාවක් ඔස්සේ දායකත්වය ලබා දුන් කලා කරුවන් අද ජනප්‍රිය චරිත ලෙස නම් දරා සිටින බව පැවසිය හැකිය.