රාජිත දිසානායකයන්ගේ සුප්‍රකට වේදිකා නාට්‍ය නිර්මාණ ත්‍රිත්වයක් කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී වේදිකාගත කිරීමට නියමිතව තිබේ.
ඒ අගෝස්තු 25,26 සහ 27 යන දිනවලදී රාත්‍රී 7 ටය.
එයින් පළමුව එනම් අගෝස්තු 25 රාත්‍රී 7 ට වේදිකාගත වීමට නියමිතව ඇත්තේ “මට වෙඩි තියන්නැද්ද” (Aren’t you going to shoot me) වේදිකා නාට්‍යයයි. මෙය නව නිෂ්පාදනයක් ලෙස එලි දැක්වෙන්නේ වසර 18 කට පසුවය. එහි රංගනයෙන් සජිත අනුත්තර, ඉෂාර වික්‍රමසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, නලින් ලුසේනා, දේවින්ද වික්‍රමසිංහ දායක වනු ඇත.
ශ්‍යාම් ප්‍රනාන්දු, නදීෂානි පේලිආරච්චි, තුමිඳු දොඩන්තැන්න සහ කසුන් චතුරංග රංගනයෙන් සහභාගී වන “ආදර වස්තුව” (Love object) නාට්‍ය වේදිකා ගත වන්නේ අගෝස්තු 26 වැනිදාය. මේ එම නාටයේ සිව්වැනි වර්ෂ පුර්ණ දැක්මයි. “ආදර වස්තුව” 2014 දී හොඳම තිර පිටපත සහ හොඳම නළුවා යන හිමි රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මානවලට හිමිකම් කියා තිබේ.
වර්ෂ පුර්ණ දැක්ම වෙනුවෙන් “නැතුවම බැරි මිනිසෙක්” ( A man much needed) වේදිකා ගත වන්නේ එළැඹෙන 27 වැනිදාය. ධර්මප්‍රිය ඩයස්, ශ්‍යාම් ප්‍රනාන්දු, නදීෂානි පේලිආරච්චි, බිම්සරා ප්‍රේමරත්න නිරුපනය කරන මෙම නාට්‍යය හොඳම නාට්‍ය, හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රචනය, හොඳම සහය නළුවා සහ නිළිය, පසුතල නිර්මාණය යන සම්මාන 7 ට හිමිකම් කියනු ලැබුවේ 2017 රාජ්‍ය නාට්‍ය උළලේදිය.