ජන සංගීත ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව දිවයින පුරා විසිරී සිටින විවිධ භාෂා, සංස්කෘතීන්, සම්ප්‍රදායන් හා පරම්පරා නියෝජනය කරන ජන සංගීත කණ්ඩායම් ලියාපදිංචි කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ලියාපදිංචි කිරීමේ කටයුතු කාණ්ඩ දෙකක් යටතේ සිදු කරනු ලැබේ.
පළමු කාණ්ඩය ලෙස ලියාපදිංචි කරනු ලබන්නේ හේවිසි, රබන්, උඩැක්කි, පන්තේරු, ශාන්තිකර්ම යටතට අයත් පිරිසය.
ජන සංගීතය පදනම් කරගෙන නිර්මාණකරණයෙහි යෙදෙන නව කණ්ඩායම් දෙවැනි කාණ්ඩය යටතේ ලියාපදිංචි කරනු ඇත.
සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර ස්ථානභාර නිලධාරි, ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය, 15 මහල, සුහුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට අගෝස්තු මස 31 දිනට පෙර එවිය යුතුයි.
මේ පිළිබඳ වැඩිදුර විස්තර පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමෙන් ලබා ගත හැකිය.
දුරකතන අංක: 0112186252, 0714481150