ලොව වැඩිම අදායමක් ලබන රංගන ශිල්පීන් 10 දෙනකු ඇතුලත් නවතම ලේඛනයක් ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කර තිබෙනවා.
ෆෝබ්ස් ගණනය කිරීම්වලට අනුව 2016 ජුනි සහ 2017 ජුනි කාලය අතර ලොව ඉහලම අදායම් ඉපයූ නළුවන්ගේ අදායම් එකතුව ඩොලර් මිලියන 488.5 ක් වේ.
කෙසේ වෙතත් ලෝකයේ සිනමා කර්මාන්තය තුල කාන්තා, පුරුෂ ගෙවීම් සිදු කිරීමේදී විශාල පරතරයක් ඇති බව මේ මඟින් ඔප්පු වන්නේ යැයි විචාරකයන්ගේ අදහසයි.
රංගන ශිල්පීන්ගේ වාර්තාවේ ඉහලම ස්ථානය අත්කරගෙන සිටින ට්රාන්ස්ෆෝමර් සුපිරි තරුව මාක් වොල්බර්ග් ඩොලර් මිලියන 68 ක අදයමකට හිමිකම් කියයි. රංගන ශිල්පිනියන්ගේ ඉහලම ස්ථානය එනම්, ඩොලර් මිලියන 26 ක් වාර්තා කරන එමා ස්ටෝන් හා සසඳන විට එය තෙගුණයකින් පමණ ඉහල අගයක් ගනී.
පසුගිය වසර තුල තවත් රංගන ශිල්පින් 13 දෙනකු එමාගේ අදායමට වඩා ඉහල අදායමක් උපයා තිබීම විශේෂත්වයකි.
ඔවුන් අතරට අප කවුරුත් රොක් ලෙස හඳුන්වන ඩ්වේන් ජොන්සන්, ජැකී චෑන් ද ඇතුලත් වේ.
ඉහල අදායම් ලැබූ 10 දෙනා අතරට බොලිවුඩ් රංගන ශිල්පින් තිදෙනෙක් ද එක් වී ඇත.ඔවුන් පිලිවෙලින් ශාරුක් කාන්, සල්මන් කාන් සහ අක්ශේ කුමාර් වේ.
නමුත් බොලිවුඩ් රංගන ශිල්පිනියන් කිසිවකුත් පසුගියදා එලි දැක්වුණු ඉහල අදායම් ලාභී නිළියන් 10 දෙනා අතරට එක් වීමට සමත් වුයේ නැත.
ලොව ඉහල අදායම් ලාභී රංගන ශිල්පින් මෙසේ වේ,
01 මාක් වොල්බර්ග් ඩොලර් මිලියන 68
02 ඩ්වේන් ජොන්සන් ඩොලර් මිලියන 65
03 වින් ඩිසල් ඩොලර් මිලියන 54.5
04 ඇඩම් සැන්ඩ්ලර් ඩොලර් මිලියන 50.5
05 ජැකී චෑන් ඩොලර් මිලියන 49
06 රොබර්ට් ඩවුනි ඩොලර් මිලියන 48
07 ටොම් කෘස් ඩොලර් මිලියන 43
08 ශාරුක් කාන් ඩොලර් මිලියන 38
09 සල්මන් කාන් ඩොලර් මිලියන 37
10 අක්ශේ කුමාර් ඩොලර් මිලියන 35.5