ජෝන් ද සිල්වා සමරු රගහල විකුණාදැමීමට එරෙහිව ඈවරයි.. දෑවරයි.. මහජන කථිකාවත යන මැයෙන් කලාකරුවන් විසින් සංවිධානය කරන ලද සංවාදයක් පසුගිය 17 වනදා බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේදී පවත්වන ලදි.
මෙරට සියළු සම්පත් විකුණාදැමීමේ ප්රයත්නය මේ වනවිට ජෝන් ද සිල්වා රගහල පැමිණ තිබෙන බවත් එබැවින් එය පරාජයකර මෙම ජාතික රගහල පෞද්ගලීකරණය කිරීමට ඉඩනොතබා එම වෑයම පරාජය කලයුතු බව මෙහිදි අවධාරනය කරන ලදි.
මෙහිදී සභාව ඇමතු ටවර් හෝල් රඟහල පදනමේ හිටපු අධ්‍යක්ෂවරයෙකුවන ඩග්ලස් සිරිවර්ධන ගේ අදහස් දැක්වීමේදි සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගැනුනී. ඒ දෙමළ නාට්‍ය ප්රභාකරන්ගේ නාට්‍ය වශයෙන් කළ ප්‍රකාශයට විරෝධය දැක්වීමත් සමඟයි
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසුරිය මහතා , කැළණිය විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා , නාට්‍යවේදී චන්ද්‍රසෝම බිංදුහේවා මහතා , නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා මෙම මහජන කථිකාවත සදහා අදහස් ඉදිරිපත් කරන ලදි.